ආණ්ඩුව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණ දෙකක් ගෙන තිබේ. පළමුවැන්න සමස්ත රාජ්‍ය සේවය පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට එය ප්‍රතිසංවිධාන කිරීමට පියවර ගැනීමය.

ලංකාවේ ආර්ථික අර්බුදය දැන් ඔඩු දුවා ඇති ආකාරය අනුව තවත් වසර ගනනාවක් යන තෙක් ඒ යහපත් අතට පත් කරගැනීමේ හැකියාවක් නැති බව ආර්ථික විශේෂඥයන් නිරන්තරයෙන් පහදමින් සිටී.

වළකට වැටීමත් මොළයට ලාබයක් යැයි කියන්නේ අර්බුධ තුළින් අපේ වැරදි අඩුපාඩුකම් හෙළිදරව් වෙන නිසාය. එයින් පාඩම් ඉගෙන ගත හැකි නිසාය. රටේ වත්මන් අර්බුධය විසින් මේ වෙනකොට අපිට පාඩම් රැසක් කියා දී තිබෙනවා. ඒ අතරින් අරපිරිමැස්ම සහ නාස්තිය අවම කරගැනීම ගැන පාඩම විශේෂයෙන්ම වැදගත්. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහා චීනයේ නියෝජ්‍ය තානාපති Hu Wei මහතා අතර අද උදෑසන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවත්වුණි. ශ්‍රී ලංකාව "එක් චීනයක්" ප්‍රතිපත්තිය පිළිබඳ අග්‍රාමාත්‍ය එහිදී පැහැදිලි කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අගමැතිවරයා පැවසීය.

රටේ ආර්ථික අර්බුදය තුළ ඉන්ධන ගැටලුව අන් සියල්ල ඉක්මවා හිණිපෙත්තට නැග තිබේ. එවැනි පසුබිමක මේ වන විට රටේ දෛනික ජන ජීවිතයට දරුණු බලපෑමක් එල්ල වී ඇති අතර අදින් එළඹෙන සතිය තුළ ඒ බලපෑම තීව්‍ර වන තත්ත්වයක් පෙන්නුම් කෙරේ.

මෙම සතියේ පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීන්දු කර තිබේ.

මෙරට බත් ප්‍රධාන ආහාරය කොටගත් රටකි. එම නිසා සහල් කුමන හෝ හේතුවක් මත වේවා සහල් හිග වීම ,සහල් අධික මිළක් දැරීම බත ප්‍රධාන ආහාරය කොටගත් අප වැනි රටකට අතිශය ගැටළු සහගත ප්‍රශ්නයකි.

ලංකාවේ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් යනු ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය සහ දේශපාලකයන්ට වඩා දූෂිත තැනකි. මේ එක උදාහරණයකි.

Connet With Us