පොලිස්පතිවරයා ලෙස පත්වීම ලැබු දේශබන්දු තෙන්න්කෝන්ට එම පත්වීම ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණු පෙත්සම් 9 ක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟ එම තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් ඔහු එම ධුරයේ කටයුතු කිරීම වැලැක්වීමට අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති පිළිගන්නා අයකූ හැර වෙන අයකුට තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය නොහැකි බව නාමල් රාජපක්ෂ පසුගියදා අදහසක් ප්‍රකාශයට පත් කර තිබිණි.

බංග්ලාදේශයේ රජයේ රැකියා සඳහා වන කෝටා ක්‍රමයට එරෙහිව ක්‍රියාත්මක සිසු උද්ඝෝෂණ අතරතුර ඇතිවූ ගැටුම්වලින් එකසිය පනස් දෙනෙකු පමණ මියගොස් තිබෙන බව වාර්ථා වෙනවා.

සාමාන්‍යයෙන් ජන සමාජය තුළ ප්‍රමුඛ ඉල්ලීමක් නැතිනම් බලාපොරොත්තුවක් වන්නේ අනෙකාට ඇති අවස්ථාව තමන්ටත් තිබිය යුතුයි කියන එක. රජයක කාර්යභාරය වෙන්නේ පුරවැසියන් සියළු දෙනාට සම අවස්ථා අත්පත් කරගැනීමට හැකි වතාවරණයන් හදලා දෙන එක. ඕනෑම රජයක් මුහුණ දෙන අභියෝගයත් මේකයි.

පසුගියදා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව විශාල අගයකින් අඩු කිරීමට ගත් පියවර මෙරට සෑම ක්ෂේත්‍රයකම විදුලි පාරිභෝගිකයන්ට වාසි අත්පත් කර දී තිබේ. ආර්ථික අර්බුද සමයේ ඉහළ ගිය විදුලි ගාස්තුව වැඩි අගයකින් මේ වන විට අඩු වීම කැපී පෙන්නෙකි.

වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්න වඩාත් පිරිසිදු මන්ත්‍රීවරයා කවුද කියලා ඇහුවොත් මගේ උත්තරේ හර්ෂ. වඩාත්ම සුවඳ හමන මන්ත්‍රීවරයාත් ඔහු.

වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය වැඩි වී ඇති බවට වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල මගින් පෙන්වා දෙන බවට මතයක් ප්‍රචාරය වෙමින් පවතී.

සාමාන්‍යයෙන් අද බොහෝ රටවල් මුහුණ දෙන ගැටළුවක් තමයි රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් රට හැර යෑම. මේ බුද්ධි ගලනය රටකට පාඩුවක් වුණත් බුද්ධි ජනනය දියුණු රටවලට වාසියක්. ඒ රටවල් තමන්ගේ සංවර්ධනයේ ඉදිරි ගමනට ලෝකය පුරා තියෙන හොඳම මානව ප්‍රාග්ධනය ඇදලා ගන්නවා. මොකද ඒ සඳහා විශාල ඉඩ ප්‍රස්ථාවන් මේ රටවල තියෙන නිසා.

Connet With Us