රනිල් - සජිත් හමුවෙති...

Published in Gossip
Friday, 12 February 2021 11:14

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවීමක් සිදුව ඇති අතර එහිදී දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.


ඒ අනුව එම කොමිෂන් සභා වාර්තාවට එරෙහිව කටයුතු කිරීමටත් ඒ සඳහා අනෙකුත් විපක්‍ෂ දේශපාලන පක්‍ෂ බලවේග ද ඒකරාශී කර ගැනීමටත් එකගතාවයක් ඇති කරගෙන ඇතැයි වාර්තා වෙයි.

නායකයන් දෙපළ අතර පෙරේදා (10 වැනිද) පෞද්ගලික ස්ථානයකදී මෙම හමුව සිදුව ඇත. මෙම හමුව ඉතා සුහද ලෙස පැවතී ඇතැයි විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය. මහ මැතිවරණ පරාජයෙන් පසුව නායකයන් දෙපළ මෙයට පෙර අවස්ථා දෙක තුනකදී ද පෞද්ගලිකව මුණගැසී තිබෙන අතර මෑතකදී නිකුත් කර තිබූ මෙම කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සහ යම් යම් දේශපාලන කාරණා පිළිබඳව ද දෙදෙනාගේ අවධානය යොමු වීම විශේෂත්වයක් විය.

මෙම හමුවීම්ට පෙර පසුගිය සතියේදී සජබයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ද රනිල් වික්‍රමසිංහ මුණගැසී යම් සාකච්ඡාවක් පවත්වා තිබිණි.

කෙසේ නමුත් දේශපාලන පළිගැනීම් කොමිසම මඟින් කර තිබෙන නිර්දේශයන්ට එරෙහිව සියලු විපක්ෂ කණ්ඩායම් වල ඒකාබද්ධ විරෝධතාවයක් පළ කිරීමේ සූදානමක් මේ වන විට ඇති වෙමින් තිබේ.

Leave a comment

 

ld add copy

Latest News

Connet With Us