ගුවන් ගත වූ ගුවන් යානයක් බළලලෙකු නිසා නැවත ගොඩබිමට !

Published in Gossip
Friday, 05 March 2021 12:41

මගී ගුවන් යානයකට ඇතුළු වූ බළලලෙකු එහි නියමුවාට පහර දීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට සිදුවීමේ පුවතක් සුඩානයෙන් වාර්තා වෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කරන්නේ , සුඩානයේ කාර්ටෝම් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ (Khartoum International Airport ) සිට කටාර් හී දෝහා වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ටාර්කෝ එයාර්ලයින්ස් ගුවන් යානයේ දී ( Tarco Airlines flight) මෙම සිදුවීම සිදුව ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , ගුවන් නියමු කුටියට පිවිස ඇති මෙම බළලා කළබල වී නියමුවාට පහර දී ඇති බව යි.

මේ හේතුවෙන්, යානය ගුවන් ගත වී පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ දී නැවත හදිසියේ ගොඩබැස්ස වීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම බළලුන් ගුවන් යාන තුළ මෙලෙස කළබල ඇති කර ඇති බවයි.

2012 දී ද කැනඩා ගුවන් සමාගමේ යානයක නියමු කුටියට ඇතුළු වූ බළලෙකු හේතුවෙන් යානය ගුවන්ගත වීම ප්‍රමාද විය.

එම සිදුවීමේදී අදාල බළලා ගුවන් යානයට කූඩුවක දමා රැගෙන විත් තිබූ අතර, කූඩුවෙන් පැන නියමු කුටියට ඇතුළු වීම හේතුවෙන් සියලු මගීන් ගුවන් යානයෙන් ඉවත් කිරීමට සිදුව තිබේ.

2008 දී ද නවසීලන්තයේ ඔක්ලන්ඩ් හී ගුවන්තොටුපොලේ දී ද පූසෙකු පැන ගොස් තිබේ.

Leave a comment

 

ld add copy

Latest News

Connet With Us