සජබයේ අගමැති අපේක්ෂකකම ජී. එල්.පීරිස් ට

Published in Gossip
Thursday, 14 December 2023 21:29

ජනවාරි මාසයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට නියමිත අතර එහි අගමැති අපේක්ෂකත්වය ජී.එල්. පිරිස් මහතාට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන බව 'සතිය' පුවත්පත වාර්ථාකරයි.

මේ අනුව සමගි ජන බලවේගය කර ඇති යෝජනාවකට අනුව ජි.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් ඊට එකඟ වී ඇත. ඒ සමග ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් නිදහස ජනතා සභාවෙන් ඉවත් වනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

එමෙන්ම නිදහස ජනතා සභාව පක්ෂයේ අයිතිය ඇති නාලක ගොඩහේවා මහතා විසින් නිදහස ජනතා සභාව ඉදිරියේදී විසුරුවා හැරීමට හෝ සමගි ජනබලවේගයේ සන්ධානයට එක්වීමට කටයුතු කරනු ඇතැයිද සදහන්ය.

කෙසේ වෙතත් ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් ඇතුළු පිරිස ඉදිරියේදී වෙනත් දේශපාලන ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a comment

 

ld add copy

Connet With Us