පාර්ලිමේන්තුව විසුරුවන්න පොහොට්ටු මන්ත්‍රී යෝජනාවක්, සජබෙත් කැමැතියිලු.  

Published in Gossip
Tuesday, 05 March 2024 13:33

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ගුවන්තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ව්‍යවස්ථාව අනුව පළමුව පැමිණිය යුත්තේ ජනාධිපතිවරණයක් වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් වුවද කැඳවීමේ හැකියාවක් පවතින බවය.

කෙසේ නමුත් පසුගිය දින වල පොහොට්ටුවේ රාජපක්ෂ පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාවක් ලෙස මෙම කරුණ සාකච්ඡා කෙරේ තිබිණි. පක්ෂයේ තම කණ්ඩායමේ ශක්තිය වැඩි කරගැනීම සහ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය තහවුරු කරගැනීම ඔවුන් හමුවේ ගැටළුවක්ව තිබේ. මහ මැතිවවරණයක් හමුවේ ජාතික ජන බලවේගය අතිශය දුර්වලම කණ්ඩායම බවට පත්වන නිසා ඔවුන් වෙතින් එල්ල වන දේශපාලන අභියෝගය පහසුවෙන් පරාජය කිරීමේ හැකියාව ද එමඟින් ලැබෙන බව මෙම කණ්ඩායමේ ගනන් හැදීම වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ආවොත් සජබ කණ්ඩායමේද සහයෝගය ලැබෙණු ඇතැයි එම පිරිස පෙන්වා දී තිබිණි. මන්ද සජබ නායක සජිත් ප්‍රේමදාසට ද අවශ්‍යව ඇත්තේ ජනාධිපතිවරණය හමුවේ සිය පක්ෂය කඩා ඉහිරීම වලක්වා ගැනීම සඳහා මහ මැතිවරණයක් කලින් ගෙන්වා ගැනීම වන නිසාය. ඒ අනුව බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යෑමේ හැකියාව ලැබෙනු ඇත.

නමුත් ජාජබය සිටින්නේ මුලින් ජනාධිපතිවරණයකට මුහුණ දී තම පක්ෂයේ ශක්තිය වැඩි කරගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ නිසා ජාජබයේ ස්ථාවරය වෙනස් විය හැකිය.

කෙසේ වෙතත් ඕනෑම මැතිවරණයක් සඳහා තමන් සංවිධානය කටයුතු කරන බවත් එමෙන්ම තමන් මැතිවරණයට තරග නොකරන බවත් බැසිල් රාජපක්ෂ මෙහිදී සදහන් කලේය.

Leave a comment

 

ld add copy

Connet With Us