මොළයේ සෛල රැකදෙන දෙළුම්

Published in Gossip
Tuesday, 02 September 2014 12:29
මොළයේ සෛල විනාශ කරන අල්ට්ස්හයිමර් රෝගය පැතිරීම වළක්වාගැනීමට දෙළුම් ආහාරයට එක්කැර ගැනීම වැදගත් යැයි පර්යේෂකයෝ කියති.
  මේ පර්යේෂණය සිදුකැර ඇත්තේ හඩස්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමකි. ඔවුන් පවසන්නේ දෙළුම්වල ඇති රසායනික සංයෝගයක් වන පුනිකැලජින් නමැති රසායනිකය හේතුවෙන් මොළයේ සෛල විනාශ වීම වැළැක්වෙන බවයි. දෙළුම් වල ඇති රසායනික සංයෝග හේතුවෙන් රූමටික හන්දි ප්‍රදාහය සහ පාර්කින්සන් රෝගයේ ලක්ෂණයක් වූ වේදනාවට සහනයක් ලැබෙන බවයි.
 
රසායනාගාර පර්යේෂණ මගින්  සොයාගෙන ඇති අපූර්ව දෙය නම් දෙළුම් වල ඇති පුනිකැලජින් මොළයේ ඇති සියුම් සෛලවල ඉදිමුම් සමනය කිරිමට සමත්වන බවයි.
වෛද්‍යවරුන්ට අනුව අල්ට්ස්හයිමර් රෝගයට ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැත. දෙළුම් වල ඇති පුනිකැලජින් භාවිතා කරමින් මේ රෝගයට ප්‍රතිකාරයක් සොයාගත හැකියැයි විද්‍යාඥයෝ විශ්වසය පළ කරති.
 
පර්යේෂණයේ ප්‍රධානි ලෙස කටයුතු කර ඇත්තේ ජර්මනියේ ෆ්රිබර්ග් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඕලමැයකුන් ඔලජිඩි ය. ඔහු හඩස්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ සම පර්යේෂකයන් සමග කටයුතු කර ඇත.
අල්ට්ස්හයිමර් රෝගයෙන් බ්‍රිතාන්‍යයන් 800,000ක් පමණ පීඩා විදින අතර වසරකට 163,000ක් අලුත් රොගීන් එරටින් වාර්තාවේ.

Leave a comment

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us