නාමල්ට හම්බන්තොට නැති වෙයි. අනුරපුරෙන් ට්‍රයි කරනවාලු Featured

Published in Gossip
Sunday, 04 August 2024 14:40

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය තුළ මහමැතිවරණයට ඉදිරිපත් වී තමන්ට ජයග්‍රහණය ලබා ගත නොහැකි බව තේරුම් ගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂය දෙකඩ වීමත් මහින්ද අමරවීර ඉන් වැඩි ඡන්ද කොටසක් කඩා ගැනීම්ක වී නිසා සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ඩී. බී. චානකට සහය දක්වන විශාල පිරිසක් සිටීමත් චමල් රාජපක්ෂ එම දිස්ත්‍රික්කයෙන්ම ඡන්දය ඉල්ලීමත් තුළ නාමල්ට අවස්ථාවක් නොලැබීමේ අවදානමක් ඇතිව තිබේ.

ඒ හේතුවෙන් ඔහුට ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි නිසා නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය අතහැර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තොරාගෙන ඇත.

ඩී. බී. චානක මහතාව ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් ඉදිරිපත් කිරීමට නාමල් රාජපක්ෂ මහතා උත්සාහ කර තිබූ නමුත් ඩී. බී. චානක මහතා ඊට අකමැතිව තිබේ..

මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂගේ වැඩිම දායකත්වය අනුරාධපුර දිස්ත්‍රික්කට යොමුව පවතින බවත් වාර්තා වේ. ඇතැම් තොරතුරු මාර්ග පෙන්වා දෙන්නේ තමන්ගේ සමීපතම මිතුරකු වූ ෂෙහාන් සේමසිංහ තමන්ට ද්‍රෝහී වීමත් එස් එම් චන්ද්‍රසේන රාජපක්ෂ වරු අත්හැර දැමීම නිසාත් ඇතිව තිබෙන වේදනාව නිසා ඔවුව පරාජය කිරීම සඳහා නාමල් වෙහෙසෙන බවය.

Leave a comment

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us