ඒ දවස්වලට නෝනා නොනා ඉන්නවද?

Published in Gossip
Monday, 02 February 2015 17:13
විවාහක කාන්තාවකට සිය ඔසප් වීම නිසිලෙස සිදු නොවන්නේ නම් එය මහත් සිත් තැවුලකට හේතුවන කරුණකි. මන්ද නිරෝගී දරු සම්පතක් ලබා ගන්නට මේ ඔසප් චක්‍රයේ නිසි ක්‍රියාකාරීත්වය ඉවහල් වන අතර ඔසප් වීමකදී කාන්තාවකගේ ඇවතුම් පැවතුම් කෙසේ විය යුතු දැයි වාගේම ඒ පිළිබඳ වූ මිථ්‍යා මත ගැනත් ඔබ දැනගත යුතු වේවි.
 
සාමාන්‍යයෙන් ඔසප් දිනවලදී නෑම නිසා විවිධ අපහසුතාවන්ට ලක්වන බව අපගේ පැරැන්නන්ගේ මතය වුවද වෛද්‍ය විද්‍යාත්මක නම් එහි කිසිදු සත්‍යතාවයක් නොමැත. එබැවින් කාන්තාවක් තම ඔසප් දිනයන්හිදී ද වෙනත් දිනයකදී වාගේම පිරිසුදුව සිටීම ඉතා වැදගත්. විශේෂයෙන්ම සාමාන්‍ය දිනයකට වඩා මෙවැනි දිනයකදී නෑම, ඇඟ සේදීම වාගේ ලිංගික ප්‍රදේශ පිරිසුදුවට තබා ගැනීමට වැඩි උනන්දුවක් දැක්විය යුතුය.
 
යෝනි මාර්ගය අවට රුධිරය තැවරීම, වැඩිපුර දහඩිය පිටවීම වැනි ක්‍රියාවන් නිසා විසබීජ එකතු වී ආසාදනවලට ලක් වීමට වැඩි ඉකකඩක් ඇත. එබැවින් මෙම ප්‍රදේශය සෝදා පිරිසුදු කිරීමත්, තෙතමනය නොරැඳෙන පරිදි පිසදා ගැනීමටත් ඔබ වගබලා ගත යුතු අතර දහඩිය පහසුවෙන් උරා ගන්නා කපු යට ඇඳුම් භාවිතයත් ඉතා සුදුසුයි.
 
ඊට අමතරව ඔසප් දිනවලදී පිටවන රුධිරය උරා ගැනීමට සුදුසු පිරිසුදු සනීපාරක්ෂක තුවා භාවිතා කළ යුතු වේ. දිනකට කිහිපවතාවක්ම ඒවා මාරු කළ යුතු එම වාර ගණන තීරණය වන්නේ පිටවන රුධිරය ප්‍රමාණය මතයි. අපිරිසුදු සනීපාරක්ෂක තුවා භාවිතය නිසා යෝනි මාර්ගයේ සහ මුත්‍රා මාර්ගයේ ආසාදන ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය.
 
එමෙන්ම පාවිච්චියෙන් පසු මෙම තුවා නිසි පරිදි බැහැරලීමත් ඉතා වැදගත්. හොඳින් ඔතා කුණු භාජනයකට දැමීම, වළ දැමීම හෝ පුළුස්සා දැමීම වඩාත් සුදුසු අතර වැසිකිළියට දැමීම කිසිවිටකත් නොකළ යුත්තකි.
 
අඔු සැමි යුවළක් පවුල් සැලසුම් ක්‍රමයකින් තොරව කාන්තාවකගේ සරු කාලය තුළදී අඔුසැමි ඇසුරේ යෙදුනහොත් දරු පිළිසිඳ ගැනීමකට බෙහෙවින් ඉඩ තිබේ. මෙහිදී කාන්තාවගේ සරු කාලය ලෙසින් හඳින්වෙන්නේ ඔසප් වීමකින් දින හතකට පසුවත්, ඔසප් වීමට දින දහයකට පෙරත් ඇති අතරතුර කාලයයි.
 
කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් මාසයකට වරක් ඩිම්බයක් නිකුත් වේ. මෙය හඳුන්වෙන්නේ ඩිම්බනිහරණය නමිනි. ඩිම්බනීහරණයේදී ඩිම්බ කෝෂයෙන් ඩිම්බ නිකුත් වී පැලෝපිය නලය වෙත පැමිණේ.    එය නිකුත් වන දිනය කල්තබා නිවැරදිව කීම තරමක් අසීරුය. නමුත් දවස් 26 - 32 ත් අතර ඔසප් චක්‍රයක් හිමි කාන්තාවකට ඇයට ඔසප් චක්‍රයේ 08 වැනි දිනයේ සිට 19 වැනි දිනය දක්වා අතර කාලය සරු කාලය ලෙසින් හැඳින්විය හැකියි. 

Leave a comment

 

ld add copy

Connet With Us