ජවිපෙ සමලිංගික විරෝධි කොඩිය, විමල් අතට ගනී

Published in Gossip
Monday, 27 June 2016 15:48

අප්පොච්චි ගෙදර යැව්වේ ඇයි අසමින් පසුගිය සමයේ තමන්ට හමුවූ බොහෝ දෙනෙකුගෙන් අදහස් විමසමින් සිටි විමල්ට මේ දිනවල අලුත් ප්‍රශ්නයක් හමුව තිබේ. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ජනතා අදහස් එකතු කළ ලාල් විජේනායක කොමිසම් වාර්තාව පාදක කරගනිමින්ය.

ඒ අනුව යමින් විමල්ගේ ප්‍රශ්නය වී ඇත්තේ "සමලිංගික සේවනය නීත්‍යනුකූල කරන්න මේ ව්‍යවස්ථාව ප්‍රතිපාදන සකසන්න යනවා. මිනිස් ඉතිහාසය පටන්ගත්තු දවසේ ඉඳන් පිරිමි-පිරිමි සහ කාන්තාවන් –කාන්තාවන් අතර කසාද සිදු වුණා නම් මානව සංහතියට වෙන දේ කියන්න පුළුවන්ද?" යන්නය.

විමල් තමන්ට හමුවන සිවිල් බුද්ධිමතුන් යැයි සිතෙන බොහෝ දෙනෙකුගෙන් මේ පැනය පසුගිය දින කිහිපයේ පටන් අසමින් සිටින අතර ඔවුන් ඊට පිළිතුරු දෙන්නට පෙර " මේවා මාක්ස්ගේ රතු පොත් වලවත් තිබුණ හරුපද අම්මා" කියන බවද දන ගන්නට ඇත.

කෙසේ වුවත් මෑතකදී විමල් මේ පැනය බැසිල් රාජපක්ෂගේ උපදේශකයෙකුගෙන්ද අසා ඇති අතර ඔහු සිනා සී පිළිතුරු නොදී ගොස් ඇත. එහිදී අහල පහළ සිටි පිරිස් වෙත විමල් පවසා ඇත්තේ " බලන්න වැදගත් ප්‍රශ්න ගැන ශාස්ත්‍රාලීය දැනුම නේද ?" කියාය.

මේ අතර ඒ අවස්තාවේදී විමල් ගේ ළඟින් සිටින දොස්තරවරයෙකු පවසා ඇත්තේ ව්‍යවස්ථාවට පහරදීමට එය කදිම මාතෘකාවක් බවත් ජවිපෙ දැනටමත් සමලිංගිකත්වය ප්‍රතිෂේප කර ඇති බැවින් තමන් දැන්ම එම විරෝධයේ කොඩිය අතට ගත යුතු බවය. එම අදහසට විමල්ද අනුමැතිය දී ඇති අතර එදින සවසම විමල්ගේ ෆේස්බුක් කාඩර්වරු සමලිංගිකත්වයට එරෙහි කොඩිය වනා ඇත.

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us