දුමින්දගේ ගෙදර උණුසුම් තත්වයක් !

Published in Gossip
Thursday, 01 November 2018 17:11

දුමින්ද දිසානයක මහතාගෙ තිඹිරිගස්යාය නිවසේ මේවන විට ශ්‍රිලනිපයේ ජේෂ්ඨයන් ගනනාවක් පැමිණ ඔහුගෙ තීරණය වෙනස් කිරීම සඳහා දැඩි බලපෑමක් සිදු කරමින් තිබේ. ප්‍රබල ඇමැතිකම් හා ශ්‍රිලනීපයේ ප්‍රබල තනතුරු සහ මුදල් ගැනද සාකච්ඡා කරමින් මෙම පිරිස උණුසුම් සංවාදයක නියැලී සිටින බව දිසානායක මහතාගේ සමීපතමයන් පවසා සිටී.

ඒ කෙසේ නමුත් දුමින්ද දිසානායකගේ සමීපතමයන් හා ප්‍රබල ආධාරකරුවන් රැසකැද මේ වන විට එම නිවසට පැමිණ තිබෙන අතර ඔවුන් දැඩි ලෙස ඉල්ලා සිටින්නෙ ජනතාව පාවා නොදෙන ලෙසය. එදා රාජපක්ෂලා කළ අරියාදු නිසා තමන්ගෙ පියාට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයන් මතක කර ගන්නා ලෙසත්. ඉන් පසුව රෝගී වූ බර්ටි දිසානායක මහතාට මෙලොව හැර යැමටද සිදුවූ බව ඔවුන් මතක් කරමින් තිබේ.

දුමින්ද දිසානායක මහතාටද රාජපක්ෂලා කළ කෙනහිලිකම් අප්‍රමාණය. පසුගිය සතියේදී ඔහුට එරෙහිව අනුරාධපුරයේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූ අතර ඔහුගෙ නම සඳහන් වූ රාජ්‍ය ව්‍යාපෘති ආදියෙහි ප්‍රචාරක පුවරු කඩා දැමිමටද කටයුතු කර තිබුණේය.

රාජපක්ෂලාට එරෙහිව මෛත්‍රීපාල සිරිසෙන සමග එළියට බහින්න කොන්දක් තිබුණු තරුණ නායකයා ප්‍රතිපත්ති ගරුකව තමන් යහපාලනය වෙනුවෙන් පෙනී සිටි ස්ථවරය වෙනස් කළේ නැත. මේ නිසා ශ්‍රිලනිපය තුල වූ කුමන්ත්‍රණයකින් ඔහුට පක්ෂයෙ මහ ලෙකම් ධුරයද අහිමි කළේය.

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us