බැසිල්, රනිල් එක්ක ගේමක් ගැහුවා. ගෝඨා පිලෙන් චෝදනා

Published in Gossip
Wednesday, 14 November 2018 13:50

මහින්ද රාජපක්ෂට අගමැතිධුරය රැක ගැනීම සඳහා ජනාධිපති සිරිසේන මැදිහත්ව එය සාර්ථක කර ගනිමින් සිටින විට එය කඩාකප්පල් වන ලෙස බැසිල් රාජපක්ෂ කටයුතු කළ බවට ගොඨා පාර්ශ්වය චෝදනා කරමින් සිටින බව එම කල්ලියේ ආරංචි මාර්ග පවසයි.

සිරිසේනගේ මේ කුමන්ත්‍රණයට බැසිල් රාජපක්ෂ මුල සිටම විරෝධය දැක්වූ අතර , පස්ස දොරෙන් ගන්නා අගමැතිකම් වලින් වැඩක් නැති බවත් පවසා තිබිණි. ජනමතයක් නොමැතිව කුමන්ත්‍රණකාරීව පිහිටුවන ආණ්ඩුවකට පාක්ෂිකයන්ගෙන් හෝ කැමැත්තක් නැති බව ඔහු පෙන්වා දී තිබිණි.

කෙසේ නමුත් ගොඨා හෝ බැසිල් බලාපොරොත්තු වූ කිසිදු ප්‍රතිපලයක් නොලැබුණු අතර නීතියේ යහපාලනයත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී රනිල් වික්‍රමසිංහගේ අගමැතිධුරය පිළිගැනිමට ලක්විය.

මේ තත්වය රාජපක්ෂවරු ලැබූ බරපතල පරාජයකි. එය පාර්ලිමේතුව තුල ලැබූ පරාජයකට වඩා රටේ ජනතාව ඉදිරියේ ලැබූ බරපතල පරාජයක් බව පැහැදිලිය. බල පෙරේත කමට කුමන්ත්‍රණයකර ආණ්ඩුවක් පිහිටුවීමට රාජපක්ෂලා කටයුතු කළ බව දැන් ඉතිහාස ගත සත්‍ය කාරණයක් ව තිබේ. එය යළි වෙනස් කළ නොහැක.

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us