සංගීතවේදී චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් සටහනක් මඟින් මේ රටේ මජරකම ගැන දැමූ අදහසට සිංහල බෞද්ධ ජාතිවාදී උන්මන්තකයන්ගේ ලේ කෝප වී තිබේ. සුපුරුදු පරිදිම චිත්‍රාල්ගේ අම්ම අප්පා මතක කරමින් බැණ වදිමින් තිබේ.

අමරිකාවේ පීඩිත කළු ජාතිකයන්ගේ විමුක්තිය වෙනුවෙන් සටන් කළ මැල්කම් එක්ස් නම් විමුක්තිකාමියා එම කළු ජාතික ජනතාව වෙනුවෙන් කළ අරගලය නිවැරදි බව ගෝඨාභය රාජපක්ෂ අද දිවයින පුවත් පතට සම්මුඛ සාක්ච්ඡාවක් දෙමින් පවසා ඇත.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල විග්‍රහ කිරීම තවම අවසන්ව නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ‘ජයග්‍රහණය’ කිසිවෙක් බලාපොරොත්තු වූ සීමාවට එහා ගිය ජයග්‍රහණයක් ලෙස බොහෝ දෙනා සලකනු පෙනේ. අලුතෙන් පටන්ගත් පක්ෂයක් මෙවන් ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාවයැයි බොහෝ දෙනා කියති.

පසුගිය 11 වැනි දා රාවය පුවත්පතේ “රාවයේ අයිතිය සහ මාර යුද්ධය” මැයෙන් වික්ටර් අයිවන් දීර්ඝ ලිපියක් ලිවීය. එම ලිපිය තුළ පුවත්පතේ කීර්ති නාමයේ පූර්ණ අයිතිය තමන් වෙත පවරා ගනිමින්, රාවය ගොඩනැගීමට සහ මේ දක්වා එය පවත්වාගෙන ඒමට උරදුන් සියල්ලන් පරිහාසයට ලක්කොට තිබුණි.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මේකට ඡන්දය දෙන්න කියා පොල් ලෙල්ලක් දැම්මත් ඒකට ඡන්දේ දෙන වහලුන් පිරිසක් තමන්ට සිටින බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඊයේ පැහැදිලිවම ප්‍රකාශ කර තිබිණි. මෙම ප්‍රකාශයෙන් මන්ත්‍රීවරයා කුමක් බලාපොරොත්තු වූවද මෙය මහින්ද රාජපක්ෂට කළ බරපතල අපහාසයක් බව නම් පැහැදිලිය.

අසරණ සරණ  ජනාධිපති මෛත්‍රීපාල ගහන ගහන ගැටේ ලෙහෙන්නට පටන් ගෙන තිබේ. සිරස කිලී මහරාජාගේ උපදෙස් අනුව බැඳුම්කරයක් අල්ලාගෙන එජාපයට කෙළවා දැමීමට ගත් උත්සාහය දැන් ආපිට කැරකැවෙමින් තිබෙන්නේය. පහුගිය ටිකේ කිලීගේ ගෝලයෝ රොත්ත හා තමන් ළඟ තියාගෙන සිටින උපදේශක බයියන් හා ඔවුන්ගේ මිතුරන් යොදාගෙන බැඳුම්කරය ගැන පට්ටපල් බොරු තොගයක් සමාජ ගත කළේය. ගෝල බාලයන්ගේ වැඩ මදි නිසා ජනාධිපධිවරයා විසින්ද බැඳුම්කර වාර්තාවේ නිර්දේශයන් යැයි කෙබර තොගයක් සමාජ ගත කරනු ලැබිය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි රාවය පුවත්පතේ සිය තීරු ලිපියෙන් යෝජනා කර තිබුණි. එහි තර්කය වූයේ අනෙක් පක්ෂවල දූෂිත ස්වභාවයත් 1990න් පසු දැන් තිබෙන්නේ "වෙනස්" ජනතා විමුක්ති පෙරමුණක් බැවින් අතීත ක්‍රියාකාරකම් නොසලකා ඊට ඡන්දය ලබාදීම ගැටළුවක් නොවන බවයි.

රජිත් කීර්ති තෙන්නකෝන් කියන්නේ දූෂණ විරෝධියෙකි.. එයා දූෂණ විරෝධියෙකු වෙන තරමට තමා එයාට ජීවත් වෙන්න ඩොලර් ලැබෙනේ. ඉතිං ඒක එයාගේ රස්සාවය. 

 

ld add copy

Latest News

Connet With Us