ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ දක්වාත් අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කර නොමැති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සමඟි ජන බලවේගයේ ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති හර්ෂ, කබීර්, ඉරාන් ආර්ථිකය පිළිබඳ ක්‍රියාත්මක වෙන්න බැරි නායකයකු පසුපස යන බවත් ආර්ථිකමය වශයෙන් මේ අපරාධය රටට කරන්නේ ඇයිදැයි තමාට විමතියක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට පෙරේදා (15) එක් වෙමිනි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වන දා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්ම තහවුරු කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන මෙන් පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අද ඉල්ලීමක් සිදු කර තිබේ. 

2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බවත්, 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වානිජ ණය හා නිල ද්විපාර්ශවික ණය සඳහා පමණක් බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත්, ඒ සදහා ආරක්ෂක අංශ සීරුවෙන් තබන බවත් මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

ld add copy

Connet With Us