අද සිට ලබන15 වනදා දක්වා දිවයිනට ඉහළින් සූර්යයා ගමන අරඹයි
අද (05) සිට ලබන 15 වන දා දක්වා දිවයිනට ඉහළින් සූර්යයා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වන්න බැහැ - මැතිවරණ කොමිසම කියයි
ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.
කොළඹ සිට බදුල්ල දක්වා සුඛෝපභෝගී සංචාරක දුම්රියක් අද (05)සිට ධාවනයට එක් කෙරේ.
අධ්‍යාපන අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක්, සටහනකුත් තබා යයි
ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩ්විය නාඳුනන හැකර්වරයෙකු විසින් කඩාකප්පල් කර තිබේ. " නිර්නාමික EEE' යන නාමයෙන් අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා පද්ධතියේ ආරක්ෂක දෝෂ ඉස්මතු කරමින් අනවසර ප්‍රවේශය සඳහා සමාව ඉල්ලා පණිවිඩයක් තැබීය.
ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළමු වතාවට පසුගිය දා සිදුකෙරුණා..
ඒ මාවේල් ශ්‍රී ලංකා කණ්ඩායමයි.
මේ සඳහා 18 දෙනකුගෙන් සැදුල්ලත් කණ්ඩායමක් සහභාගි වූ අතර වෛද්‍යවරයෙකු සහ කාන්තාවන් පස් දෙනෙක්ද ඇතුළත්.
ලෝකයේ ජනප්‍රිය ක්‍රියාදාම ඉසව්වක් වන මෙය දැන් ලංකාවේ තරුණ තරුණියන්ට ද විවෘතව පවතී. adventure tourism සඳහා ලෝකයේ ඉතා හොද ප්‍රවණතාවක් පවතින අතර ශ්‍රී ලංකාවේ ස්වභාවධර්මය තුළින් adventure සංචාරක කර්මාන්තය සඳහා හොඳ අවස්ථාවක් පැවතියත් ශ්‍රී ලංකාව තවමත් සාම්ප්‍රදායික සංචාරක ව්‍යාපාරයේ නියැළීම කණගාටුදායක තත්ත්වයක්.
නවීණ ලෝකය තුළ කුරුල්ලන් කලාමැදිරියන් සඳහා වෙන් වූ සංචාරක ව්‍යාපාර පවා පවතී. සංචාරක ව්‍යාපාරය වනාහි මේ වන විට විවිධාංගිකකරණයට ලක්කර වැඩි දියුණු කිරීමට කාලය එළැඹී ඇත. adventure tourism හරහා හොඳ විදේශ විනිමයක් ලබාගත හැකියි. ලංකාව තුළින් පවතින දිය ඇලි ලෝකයේ අන් දිය ඇලි මෙන් නොව ඉතාමත් ආරක්ෂිත දිය ඇලි වන අතර ඉතාමත් පහසුවෙන් ලඟා වීමටද හැකියි.
පසුගිය දා waterfall rope swing jump සදහා සහභාගී වූ මාවේල් ශ්‍රී ලංකා කණ්ඩායම
Nuwan Herath
Rox Ishan
Sankalpa Bandara
Navod Maduwantha
Chamod Gunarathna
Ravimal Dissanayaka
Veena Jayamanna
Dilashani Lekamge
Nadeesha Wickramanayaka
Dr. Prasad Herath
Malith Perera
Madhawee Garusinghe
මෙම කණ්ඩායමේ නියුතු වෛද්‍යවරයෙකු වන සංචරන වෛද්‍ය විද්‍යා සංගමයේ උප සභාපති , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් සහකාර ලේකම් වැඩිදුරටත් පවසන්නේ...
මෙවැනි adventure ක්‍රියාකාරකම් ඕනෑම නිරෝගී පුද්ගලයෙකුට කරන්න පුළුවන් , මීට කලින් මෙවැනි adventure ක්‍රියාකාරකම්වල නොයෙදුණු කෙනෙක් නම් මූලික වෛද්‍ය පරීක්ෂාවකින් පසුව තමයි සහභාගි වෙන්න ඕනෙ, තමන්ට තමන් ගැන ධෛර්යයකින් පසුවෙන්න ඔ්නෙ.
අනිත් වැදගත්ම දේ තමයි මෙම ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය සියලුම උපකරණ පිටරටල් වලින් ආනයනය කරලා තියෙන්නේ. මේ සියලු උපකරණ ජාත්‍යන්තර තත්ත්ව සහතිකයන් අනුමත කරන ලද උපකරණ, ඒ වගේම මේ සම්බන්ධව හොඳ පුහුණුවක් ලබාගත් කණ්ඩායම තමයි මාවෙල් ශ්‍රී ලංකා කියන්නේ.
මේ කටයුත්ත සිද්ධ කරන රොක් ඉෂාන් කියන්නේ ජාත්‍යන්තරව adventure සඳහා පිළිගත් පාඨමාලා හදාරා අවශ්‍ය සහතික සුදුසුකම් සපුරා සිටින පුද්ගලයෙක්. එනිසා ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳ සහතිකයක් ලබා දෙන්න පුළුවන් ඉතින් අපි ඔබටත් කියන්නේ මෙවැනි adventure වලට කැමති නම් මවේල් කණ්ඩායමත් එක්ක නොබියව එකතු වෙන්න කියලා.
මෛත්‍රීගේ සභාපති ධූරයට වාරණයක්, දුමින්දත් අලුත් ගමනකට සැරසෙයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.
විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටින්නේ යැයි හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂය නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.