රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත අභියෝග කරන බවත්, එවිට ඔවුන් අද වේදිකාවල පවසන දේ සත්‍ය අසත්‍යතාව සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටුව භාර ගැනීමේ කටයුතු හෙට (26) දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබේ. 

රිෂාඩ්‌ බද්යූදීන්‌ ගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා මහජන කොංග්‍රසය, මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත්‌ ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත්‌ තමන්‌ එම තීරණයට එකඟ නැතැයි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ්‌ අබ්දුල්ලා මහරුප්‌ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමා, මහ ලේකම් දොන් ඇන්ටනී ජයකොඩි පියතුමා ඇතුළු රදගුරු සංගමයේ පියතුමන් පිරිසක් හමුව තිබේ.

ආර්ථික අර්බුදය හමුවේ ආහාර, ඖෂධ සපයාගත නොහැකිව දුක්විඳි ජනතාවගේ එම අවශ්‍යතා සපුරාලීම වරදක් නම් තමා එම වරද භාරගැනීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us