කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී තිබේ.

දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට රජය ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පැනවූවද එහි වාසිය හිමි ව ඇත්තේ, අතරමැදියන්ට සහ ව්‍යාපාරිකයින්ට බවට ගොවීන් චෝදනා කර සිටිනවා.

ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා වෙනම ඒකකයක් වහාම පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබේ.

අද (10) දිනට යෙදෙන යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ.

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක ලෙස වරුණ රාජපක්ෂ මහතාව පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත. ඒ අනුව අද දින එම සංවිධායක ධුරය ඔහු වෙත ප්‍රදානය කිරීම සිදුව තිබිණි. එමෙන්ම සමගි ජන බලවේගයේ විධායක සභිකයෙක් සහ ප්‍රතිපත්ති සහ සමීක්ෂණ සහ උපාය මාර්ග කමි‍ටුවේ උප සභාපතිවරයා ලෙස පසුගිය සතියේ පත් කර තිබිණි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී ඇති හිමිකම් කප්පාදු කිරීමේ රජයේ අරමුණක් පිළිබඳව මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිර යන බව මට දැනගන්නට ලැබුණ බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා සදහන් කරයි.

 

ld add copy

Latest News

Connet With Us