ලබන ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අද කාලගුණය

Published in පුවත්
Monday, 17 June 2024 10:09

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2024 පළමු කාර්තුවේ මෙරට ආර්ථිකය 5.3 % ක වර්ධනයක් වාර්තා කරද්දී , කර්මාන්ත අංශය 11.8 % කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

කලටුවාව ජලාශයේ සිට ජලය රැගෙන එන නලයක් පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.

ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

වැස්ස අදත්

Published in පුවත්
Sunday, 16 June 2024 09:09

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රිය, තලවකැළේ සහ වටගොඩ අතරදී ඊයේ (15) රාත්‍රියේ පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකර තිබේ.

රටේ විදේශ සංචිත ප්‍රමාණය තවමත් ඉහළ ගොස් නොමැති බැවින් මේ වසරේදීත් (2024) වාහන ආනයනය සඳහා අවසර ලබා නොදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

ld add copy

Connet With Us