ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ශිරාන් බාසික් යන අයට අයත් බව කියන දෙහිවල සෝල් බීච් හෝටලය මීට මාස කිහිපයකට ඉහතදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩා ඉවත් කිරීමෙන් පසුව පසුගිය දිනවල නැවත ඉදිකිරීම් සිදුකර ගෙන ගොස් ඇත.

ඩීන්ස් පාර, ටී.බී. ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය වැනි ප්‍රදේශවලදී මහජනතාව අපහසුවට පත්කරමින් විරෝධතා නොපවත්වන ලෙස දන්වමින් මාළිගාකන්ද අධිකරණය කේ.ඩී. ලාල් කාන්ත ඇතුළු පිහිප දෙනෙකුට නියෝගයක් නිකුත් කර තිබේ.

හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින්ම හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් පළාත් මට්ටමින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) වයඹ පළාතේ ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනය කිරීම උදෙසා  ව්‍යාපෘතියක්  කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කර තිබේ.

 

ld add copy

Connet With Us