හිට්ලර්ගේ චිත්‍රවලට ඉහළ ඉල්ලුමක්

Published in අනං මනං
Tuesday, 23 June 2015 11:22

ලෝකය  නරක මිනිසුන් සහ හොඳ මිනිසුන් ලෙස වෙන් කළ හැකිද? සෑම නරක මිනිසෙකු තුලම හොඳ දේවල්ද සෑම හොඳ මිනිසෙකු තුලම  නරක සුළුවෙන් හෝ දැකිය හැකියි.

හිට්ලර් ගැන හිතුවොත් කොහොමද. අපි සියලු දෙනා දන්න විදිහට ඔහු ලෝකයේ අහිංසක මිනිසුන් විශාල ප්‍රමාණයකගේ මරණයට වගකිව යුතු කෘර පාලකයෙක්.

එත් ඔබ නොදන්නා දෙයක් තිබෙනවා. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මිනිස් ජීවිත ගැන හැඟීමක් නැති හිටලර් වැනි මිනිහෙකුත් එක වෙලාවකදී සංවේදී කලාකාරයෙක්.

පසුගියදා ජර්මනියේදී  පැවැත් වුණු වෙන්දේසියකදී හිට්ලර් විසින් අඳින ලද දියසායම් සහ ඩ්‍රෝවිං චිත්‍ර ඉහළ මිලකට අලෙවි උනා. ඔහු විසින් අඳින ලද  Neuschwanstein Castle චිත්‍රය වැඩිම මිලකට එනම් ශ්‍රී ලංකා මුදලින් මිලියන 15ක මුදලකට  අලෙවි උනා.

මීට අමතරව A still-life of carnations චිත්‍රය රුපියල් මිලියන 10ට අලෙවි වෙලා. ඒවගේම  තවත් එවැනිම දියසායම් චිත්‍ර කිහිපයක්ම  ඉහල ලංසුවකට  අලෙවි වෙලා තිබෙනවා.

මෙම චිත්‍ර හිට්ලර්ගේ බව සැළකෙන්නේ ඔහු චිත්‍රවලට පහතින් "A Hitler" යනුවෙන් අත්සන් තබා තිබීම හේතුවෙනුයි.

ඒවගේම ඔහු දෙවරක්ම වියානා සරසවියේ ලලිත කලාව හැදෑරීම සඳහා ඉල්ලුම් කරත් එය ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඉන්පසුව  තමයි ඔහු හමුදාවට බැඳෙන්නෙ.

ඔහුට සරසවි වරම් හිමි උනානම් ඔහුගේ ජීවිත කතව වගේම ලෝක ඉතිහාස කතාවත් මීට වඩා  සුන්දර වෙන්න තිබුනා.

hitlar art

hitlar art1

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us