පෙම්වතුන් විකිණීමට තිබේ

Published in අනං මනං
Tuesday, 24 February 2015 13:17

පෙම්වතෙක් නෑ කියල දුකෙන්ද? ඔන්න දැන් විසඳුමක් තියෙනවා. හැබැයි චීනෙට යන්න වෙනවා.

චීනෙ කැමති විදියේ පෙම්වතෙක් කඩෙන් බඩුවක් ගන්නවා වගේ තෝරලා බලලා ගන්න පුළුවන්. කලබලවෙන්න අවශ්‍ය නෑ.  මේ කියන්න හදන්නෙ චීනය තුල ක්‍රියාත්මක පෙම්වතුන් මිලදී ගත හැකි අන්තර්ජාල සේවා පිළිබඳවයි. කැමති යුවතියකට පුළුවන් තමන්ගේ අතේ ඇති මුදලට තමන්ට ගැලපෙන විදියේ පෙම්වතෙක් මිලදී ගන්න.

හැබැයි ඒ තාවකාලිකව පමණයි. මේ ආකාරයට අන්තර්ජාල සේවා සැපයීමේ හේතුවක් වන්නේ එරට සමාජය තුල තරුණියක් වයස අවුරුදු 30 සම්පුර්ණ වීමට පෙර විවාහ විය යුතු බවට පවතින මතයයි. පසුගිය කාලයේ චීනය අලුත් අවුරුද්ද සැමරුවා. බොහෝ යුවතියන් අලුත් අවුරුද්දට ගෙදර යන ගමන් තමන්ගේ වැඩිහිටියන් සතුටු කිරීම සඳහා ව්‍යාජ පෙම්වතෙක් රැගෙන යනවා.

Taobao කියන්නෙ ඒ ආකාරයට පෙම්වතුන්  මිලදී ගත හැකි විශාලම අන්තර්ජාල සේවාවක්. එහි සිටින පෙම්වතුන් දිනකට  චීන යුවාන් දහසේ සිට දස දහස දක්වා අය කරන බව පැවසෙනවා. ඒ විතරක් නොවේ සිප ගැනීම, අත්වැල් පටලවාගෙන යෑම, චිත්‍රපටි බැලීම වැනි අතිරේක ක්‍රියාකාරකම් සඳහා වෙනම අය කිරීම් සිදුවෙනවා. විවිධ වයස් ඛණ්ඩවල වගේම විවිධ රටවල පෙම්වතුන් මෙහිදී මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

chaina2

chaina3

Last modified on Tuesday, 24 February 2015 13:30

Connet With Us