ස්වයං වින්දනයත් හරාම් කරයි

Published in අනං මනං
Wednesday, 27 May 2015 17:03

පසුගිය දිනක සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය උනේ ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බවයි. මේකත් ස්වයං වින්දනය ගැන කතාවක්ම තමයි.

 පසුගිය දිනක තුර්කි රුපවාහිනී වැඩසටහනකදී  මුස්ලිම් දේශකයෙක් ප්‍රකාශ  කරේ ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ගේ අත මරණයෙන් පසු ගැබ්ගන්නා බවයි.

ඔහු පවසන විදියට ස්වයං වින්දනයේ යෙදීම මුස්ලිම් ධර්මයට අනුව තහනම් වැඩක්. ඒ පවට දඬුවම තමයි ස්වයං වින්දනයේ යෙදෙන අත ගැබ් ගැනීම.

නමුත් වාර්තා වෙන විදියට කුරානයේ ස්වයං වින්දනය ගැන පැහැදිලිව විස්තර කර නැහැ.

ඔහු මේ පිළිතුර ලබාදීලා තියෙන්නෙ නරඹන්නෙක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි. කොහොම උනත් මේ පිළිතුර සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර නම් ලැබිල නැහැ.

muslim2

Connet With Us