“ඕනෑම දෙයක් හරහා බලය ගැනීමට තතනන්නා, 

ඒ සඳහා පාවිච්චියට ගත හැකි බිය නමැති සමාජ දුබලතාව හඳුනාගනී.”
-කාල් සේගන්

(“යක්ෂාවතාර ලෝකය: අන්ධකාරයට විලක්කුවක් වශයෙන් විද්‍යාව”)

කතානායක කරූ ජයසූරිය සම්බන්ධයෙන් නොයෙකුත් වර්ණනා ඇති පදම් තිබුණද ඔහු සම්බන්ධයෙන් දිය හැකි සරළම කෙටිම හැඳින්වීම නම් ඔහුගේ එජාප දේශපාලනය පසුගිය විසි පස් වසරක් මුලුල්ලෙ ගොඩනැගුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කුණු කොන්ත්‍රාත් කර සිය පැවැත්ම තහවුරු කරගත් රූකඩයක් ලෙසය.

A dinner followed at the Rajapaksa’s home Carlton House at Weeraketiya on Thursday. Some 7,000 invitees attended the wedding banquet.  -the sunday times

හත්දොහේ මඟුල් කනවා කියන්නේ හත්දහසකට මඟුල් කන්න ආරාධනා කරන එක නොවේය.. ඒ දින හතක් මඟුල් කෑමය..

දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඒ අනුව කල්ල‍තෝනි යනු ඔරුවල බෝට්‌ටුවල ආධාරයෙන් හොර රහසේ පැමිණෙන්නන්ය. කල්ලතෝනි ප්‍රශ්නය ස්වදේශික ජනතාවට මහත් පිලිලයක් වෙයි. කිසිදු අවසර පත්‍රයකින් තොරව පැමිණෙන කල්ලතෝනින් පැල පදියම් වන ප්‍රදේශවල විවිධ වෘත්තීන්වල නිරත වෙයි. අනතුරුව ඔවුන් එම ප්‍රදේශවලම ගල් විය.

“ත්‍රස්තවාදය පැසවන තුවාලයක් බවට පත්ව තිබේ. එය, මනුෂ්‍යත්වයේ සතුරෙකි”- අතාල් බිහාරි වාජ්පායි

ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම් සහ මැතිවරණ අතරේ සම්බන්ධතාවක් තිබේද? ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩියෙන් දක්නට ලැබෙන දකුණු ආසියාවේ අතීත වාර්තා පෙන්නුම් කරන්නේ, මැතිවරණයකට ආසන්න වකවානුව තමන්ගේ ක්‍රියාකාරීත්වයන් සඳහා වන අනගි අවස්ථාවක් වශයෙන් ත්‍රස්තවාදීන් සලකන බව ය.

යහපාලන ආණ්ඩුව පත් වී ඒ ජයග්‍රහණයේ උණුසුම යන්නට පෙර යහපාලකයො සිය වල්ගය පාගා ගත්තේය. ඒ ගාලුවරායෙ නීති විරෝධී අවි සඟවා තිබෙන නැවක් ගැන කියමිනි. යම් හෙයකින් රාජපක්ෂවරු පරාජයට පත් වුවහොත් එම අවි ආයුධ පාවිච්චියට ගනිමින් යළි රටේ බලය ඇල්ලීම සඳහා කුමන්ත්‍රණයක් දියත් තිබූ බවත් මේ නැව ගැන කියන කතා අස්සේ ආණ්ඩුවෙ මැති ඇමැතිවරු පවා කියන්නට ගත්තහ. මෙය ජාත්‍යන්තර අවි ජාවාරමක කොටසක් බවත් කීවෝය.

"අවාසනාවන්ත යුද්ධයේ ගොදුරු බවට පත් වුණාට මේ හැම කෙනෙක්ම අපේ ම සහෝදර සහෝදරියන්. සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන්. යාපනයේ ජනතාව දුක් වින්දා ඇති. ඔවුන්ද මේ රටේ සෙසු ප්‍රදේශවල ජනතාව භුක්ති විඳින සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳිය යුතුයි.

ජාතියේ ඉදිරිමග පෙන්වන දේශපාලනික නායකත්වය පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාව තව මාස කිහිපයකින් මෙරටට උදාවනු ඇත. මෑත අනාගතය තුළ අපේ රට ඉදිරියට යන දිසාව සහ ආකාරය සම්බන්ධයෙන් ගත් විට එය තීරණාත්මක අවස්ථාවක් වන්නේය.

Connet With Us