ජවිපෙ ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට,ගෝටාගේ ඒකාධිපති පාලනයයි. Featured

Wednesday, 30 October 2019 20:38

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යන්හී කෙරෙන සංවාද තුල ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් සහ ගෝටාබය පාර්ශ්ව දෙකේ සංවාදය ඔවුනොවුන්ගේ ජයග්‍රහණය අපෙක්ෂාවෙන් කෙරෙන නමුත් විකල්ප අපේක්ෂක පාර්ශ්ව වල සංවාදය වෙනත් මුහුණු වරක් ගෙන තිබේ.

නියත වශයෙන්ම පරාජය උරුම කර ගැනීම, විකල්ප අපේක්ෂකයන්ද ඒ පාර්ක්ෂිකයන්ද හොඳින්ම දන්නා නමුත් ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන කරන නන්දෙඩවීම් මේ විකල්ප ප්‍රෙමීන් අතර තිබේ.

ඒ කෙසේ නමුත් ජවිපෙ නැත්නම් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක වෙනුවෙන් පෙනි සිටින් කණ්ඩායම, වෙනත් වාමාංශික සහ ප්‍රගතිශීලී කණ්ඩායම් අතර වන අපූර්ව සංවාදයක් ද මේ අතර ගොඩ නැගී ඇත.

ජාජබය නොවන පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ රාජපක්ෂවරුන්ගේ ආගමනය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත අනතුරකට පත් වන බවත් යළි සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රවණතාවයට අලුත් පණක් ලැබෙන බවත්ය. ඒ නිසා එය පරාජය කිරීම ප්‍රමුඛ කටයුත්ත වන බවත්ය.. ඒ වෙනුවෙන් විය යුත්තේ රාජපක්ෂවරු පැරදවීමේ ඉහළම හැකියාව තිබෙන සජිත් ප්‍රේමදාස දිනවීම විය යුතු බවය.

එහෙත් ජාජබය පවස සිටින්නේ එය එජාපය දිනවීමේ උපක්‍රමයක් පමණක් වන බවත් ගොටාභය පැරදවීමට අනුරව දිනවිය යුතු බවත්ය. එසේම දෙවන මනාපය සජිත් ප්‍රේමදාසට ලබා දිම ගැනත් යෝජාවන් සාකච්ඡා විය.

ඒ කොහොම නමුත් ලංකා ඩේලී මීට පෙර අවස්ථාවක දි පෙන්වා දුන් පරිදි මේ සංවාද වලදී ද ජවිපෙ දේශපාලන අපේක්ෂාව වන්නේ ගොටාබය දිනවීම බව දැන් අතිශයිම පැහැදිලි කාරණයක් වී තිබේ.

අනුර කුමාර රැස්වීම් කිහිපයකදීම ගොටාබය ඒකාධිපතියකු නොවෙන බවත් . පරණ සෙල්ලම් දැන් කරන්නට බැරි බවත් කියමින් ගොටාබයගේ රුදුරු ප්‍රතිරූපය සුද්ධ කිරීමෙ කාරියෙහි නියැලි සිටියේය.


එසේම ඊයේ ලාල් කාන්ත ද පවසා සිටියේ ගොටාබයට බයයි අරයට බයයි කියමින් චු කරගන්නා කක්කා දා ගන්නා මිනිසුන් සමඟ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න නොහැකි බවය. එනම් ඔවුන්ගේ අපේක්ෂාව ඉදිරියේදී ගෝටාබය සිය දේශපාලන අනෙකා කරගෙන ගැටුම්කාරි පරිසරයක් නිර්මාණය කර ගැනීමට තිබෙන අපේක්ෂාවය. එවිට ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යැයි කියමින් කැරැළිගැසිය හැකිය.

රාජපක්ෂ පවුලේ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් නොවන බවට අමුතුවෙන් කිව යුතු නොවේ. අනුර හෝ වෙනත් කිසිවකු විසින් ගොටබය අහිංසක ළමයකු කිරීමට කෙතරම් උත්සහ කළත් මේ වන විටත් එම පාර්ශ්වය පෙන්වා දෙමින් තිබෙන කරුණු කාරනා අනුව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රටට ලැබෙන් නැති බව පැහැදිලිය.

මේ රටේ ජාතින් ඇණ කොටා ගන්නා තැනට වැඩ කරපු අන්තවාදී කොටස් සියල්ලම ඉන්නේ ගොටාබයගේ වේදිකාවේය. හොරු දූෂිතයන් මිනිමරුවන් සියල්ලම සිටින්නේ ගොටබයගේ වේදිකාවේය.. මේ අය බලයට පැමිණි පසු සිදු විය හැකි දේ ගැන අමුත්වෙන් කාටවත් ඉගෙන ගැනීමට දෙයක් නැත.

ජවිපෙට අවශ්‍යව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවා දී දේශපාලනය තුල දිය වෙමින් අහෝසි වෙමින් පවතින තමන්ගේ දේශපාලන පැවැත්ම ආරක්ෂා කර ගැනිමට ප්‍රජාතන්ත්‍ර විරෝධි සතුරෙකි. සතුරා සමඟ සටනකට ගොස් සිය පාක්ෂිකයන් දෙතුන් දෙනෙකුවත් මරා ගත්තොත් ජවිපෙට ඊළඟ මහ මැතිවරණයට ඒ මළ කඳන් විකුණමින් තව මන්ත්‍රීධුර කිහිපයක් දිනා ගැනිමේ හැකියාව ඇත.

අද අනුරත් ජවිපෙත් දඟලන්නේ ඒ අපේක්ෂාවෙන් මිස..කිසිසේත්ම මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් නොවන බව ඉතා පැහැදිලිය.

ඒ අනුව මෙවර අනුර දිනවීම වෙනුවෙන් කිසිවකු හෝ පෙනි සිටී නම් ඒ බිහිසුනු අපේක්ෂාව වෙනුවෙනි. රට භිෂණයෙන් වෙලන, යළි මළ කඳන් වලින් පුරවන අපේක්ෂාවක් වෙනුවෙනි. තමන්ගෙ ගොඩ වැඩි කර ගැනීමේ කැත නින්දිත මිලේචඡ වුවමනාවක් වෙනුවෙනි.

මෙහිදී රාජපක්ෂලාගේ ආගමනය වැලැක්විය හැකි එකම ක්‍රමය සජිත් ප්‍රේමදාස දිනවීමය..එහි තේරුම සජිත් නම් පුද්ගලයා දිනවීමවවත් එජාපය දිනවීමවත් නොවේ.. එය එජාප පාක්ෂික්යගේ වුවමනාව විය හැකිය, නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය සාමකාමි නිදහස් පරිසරය අපේක්ෂා කරන සියලු දෙනා කල්පනා කළ යුත්තේ ළඟ එන මහා අනතුර පරාජය කිරීම වෙනුවෙන් ‍තෝරා ගත හැකි එකම විකල්පයය. ඒ සජිත්ව තොරා ගැනීම ගැනීමය. එසේ කළා කියා ඒ කිසිවකුත් එජාප පාක්ෂිකයකු වන්නේ නැත. තමන් ආරක්ෂා කරගත් දේශපාලන කන්‍යාභාවයන්ට හානියක් වන්නේ ද නැත. මන්ද පෙනී සිටින්නේ ජනතාවගේ සුබ සිදධිය වෙනුනේ නිසාය.


2015 වසරෙන් පසුව එජාපය විසින් රටට හිමි කර දුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන අත් දැකීම් වලින් කියන්නේ තව දුරටත් එය ඉදිරියට තල්ලු කර ගෙන යෑමේ හැකියාවක් ඇති බවය.. ඒ සඳහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට බලපෑමක් කළ හැකි බවය. ඒ අවස්ථාව මඟ හැර රාජපක්ෂ මජර පාලනය ‍තෝරාගෙන මේ රටේ ජනතාවට අත් පත් කර ගත හැකි කිසිදු ජයග්‍රහණයක් නැත.

ජනතාව පීඩාවට පත් වන තරමට ජවිපෙ අවස්ථාවාදී දේශපාලනයට වාසි සහගත වුවත් ජවිපෙ දේශපාලනය නිසා ජනතාවට කිසිදු සෙතක් වන්නෙ නැති බව යළි අවධාරණය කළ යුතුය. ජවිපෙ මේ කරමින් සිටින්නේ සිය ඉතිහාසය පුරා සිදුකළාක් මෙන් ජනතාව ප්‍රාණ ඇපයට ගෙන කරන නරුම සෙල්ලමය.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us