චීනයේ චර්ජියැං ප‍්‍රාන්තයේ රෝහලකදී පුද්ගලයෙකුගේ වකුගඩුවල තැන්පත්ව තිබූ ගල් 420 ක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. මේ ශල්‍යකර්මය සඳහා පැය දෙකක කාලයක් ගතව තිබෙනවා.

ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ පුද්ගලයන් කුමන හෝ පක්ෂයක නායකයෙකු හෝ නායිකාවක් වුණි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේ දී තරග කෙළේ සන්ධානයකින් වුවද, ඒ අවස්ථාවේ ඔහු කිසි පක්ෂයක නායකයෙකු නොවුණු හෙයින්, එදා ඔහු පෙනී සිටියේ පොදුවේ මුළු රටේම ජනතාව වෙනුවෙනි. එපමණක් නොව, වෙනත් පක්ෂයක නායකයෙකුව අගමැති තනතුරට යෝජනා කළ පළමු අවස්ථාවත් එයයි. තවද, තමා ජයග්‍රහණය කළොත් අනිත් පක්ෂවලටත් එම අළුත් ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා කරමියි ඔහු පොරොන්දු විය. මේ රටේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී මේ සියලූ දේවල් අසාමාන්‍ය කාරණා වන්නේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි විපක්ෂය විසින් කියන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස බංගය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ නිවේදනයේ කියැවෙන්නේ '... මෙතරම් මන්ත්‍රීවරු ප්‍රමාණයක් අත්සන් තැබීම පුදුමයට කරුණක් නොවන බවය..' ඒක හැබෑය. හරිනම් තව තිස් හතලිස් දෙනෙකුවත් මීට අත්සන් තැබිය යුතුය. මන්ද එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාට ඇති පාර්ලිමේන්තුව තුල ඇති බලය මන්ත්‍රීවරු 45ක පමණ ප්‍රමාණයක් වීමය. මන්ත්‍රීවරු හතලිස් ගනනක ආණ්ඩුවක අගමැතිවරයකුට එරෙහිව ඉතිරි එකසිය අසූවක පමණ පිරිසම අත්සන් නොකිරීම ගැටලුවකි. එම ගනන හිලවු අනුව අගමැතිවරයාව විස්වාස කරන තවත් 70ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටී.. එයද පුදුමයට කරුණකි.

බ්‍රසීලයේ රෝහලක සිදු කරපු  මොළයේ ශල්‍යකර්මයක් අතරතුර ගී ගයමින් ගිටාර් වාදනයක යෙදුනු පුද්ගලයෙකු ගැන වාර්තා වෙනවා.

දිය ගෙන යෑම සඳහා පමණක් බිරියන් ලෙස පැමිණෙන ගැහැනු ද තම රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරති. ඊට හේතුව වන්නේ ඔවුන් වැන්දඹු හෝ සැමියන් අත්හැර ගිය ගැහැනුන් වීමය. සිය ප්‍රධාන රාජකාරියට අමතරව ඔවුනට පවුලේ ප්‍රධාන බිරියගේ අණසකට ද යටත්වීමට සිදු වේ. ඔවුනට පවුලේ දේපළට උරුමකම් කීමට නොහැකිය. එසේම පළමු බිරිය ජීවත්ව සිටින තාක් කල් සැමියා හා යහන්ගත වීම ද තහනම්ය.

පසුගිය 06 (2015-06) වන දින ‘‘ජාතික ගැටලුවට විසඳුමක්’’ යන මැයෙන් කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ පැවති සම්මන්ත්‍රණයේ දී ෂෙරාඩ් පියතුමා දැක්වු කරැණු අපි මීට පෙර ඉදිරිපත් කළෙමු. අද අපි ඉදිරිපත් කරන්නේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මකෝ ගනේෂන් මහතා එදින ඉදිරිපත් කළ අදහස් ඇසුරෙන් සකසන ලද ලිපියකි.

ගූගල් සෙවුම් ප්‍රතිඵලයක් ලෙස ලොව දරුණුම අපරාධ කරුවන් දස දෙනා අතරට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගේ නම දිස් වී ඇතැයි වාර්තා වේ.

අපේ රටේ දැනට සත්වෝද්‍යාන දෙකක් පිහිටා තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානයට අමතරව මේ මෑතකදී පින්නවල ප්‍රදේශයේත් එළිමහන් සත්වෝද්‍යානයක් පිහිටෙව්වා ඔබට මතක ඇති.

Connet With Us