ගෞරවණීය ස්වාමීන් වහන්ස, පළමුව ඔබ වහන්සේ ‘‘වාසි රවුම’’ ගැසීමෙන් වැළකී සිටින්න (audio)

Friday, 12 June 2015 09:41

මොහාන් රාජ් මඩවල ගේ ‘‘ආදරණීය වික්ටෝරියා’’ කෘතිය පිළිබඳ ‘‘ත්‍රිමාණ කියැවීමක්’’ යනුවෙන් නම් කළ කතාබහක් පසුගිය 10 වන දින කොළඹ 07 ක්‍රීඩාගාර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්විණි. එහි දී අදහස් දැක්වූ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පැවසූ ඇතැම් කරුණු ඉතාමත් සාධනීය වුව ද උන්වහන්සේගේ ඇතැම් අදහස් හුදු අවස්ථාවාදී, වාසි පැත්තට හෝයියා, සහ වළඳන්නට සිතුණ විට කබරගොයි මාශ ද තලගොයි මාංශ යැයි නම් කරන ආකාරයේ අදහස් ගොන්නකි.

බුදුන් වහන්සේගේ දේශනාවට අනුව මෙන් ම නීතියට අනුව ද සොරකම් කිරීම වරදකි. සොරකම් කිරීමට උදව් කිරීම ද වරදකි. සොර බඩු ළඟ තබා ගැනීම ද භාවිතා කිරීම ද වරදකි. එහෙත් මත්පැන් බීම හෝ නිෂ්පාදනය කිරීම හෝ භාවිතය ඍජු වරදක් ලෙස දක්වා නොමැත.

බුදුන් වහන්සේ දේශනා කර වදාළේ මත් පැන් පානයෙන් මෙවැනි අගතීන්ට මුහුණ දිය හැකි ය යන්න ය. නමුඳු මත් පැන් නොබොන්න යැයි උන්වහන්සේ දේශනා නොකළහ; මත් පැන් නිෂ්පාදනය නොකරන්නැයි උන්වහන්සේ දේශනා නොකළහ. නීතියට අනුව නම් ආණ්ඩුවට බදු ගෙවා නීති ප්‍රකාරව මත් පැන් නිෂ්පාදනය කළ හැකි ය. එහෙත් ඒවා ප්‍රසිද්ධියේ පානය කළ නොහැකි ය. බදු නොගෙවා නිෂ්පාදනය කරන මත්පැන් නිෂ්පාදකයන්ට මෙන්ම ප්‍රසිද්ධියේ මතුපැන් පානය කරන්නන්ට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ.

ආදරණීය වික්ටෝරියා කෘතියේ ප්‍රස්තුතය වන්නේ ද 19 වන සියවසේ බිහි වූ අරක්කු රේන්දකරුවන්ගේ ජිවන රටාව ය; ඔවුන් අරක්කු අලෙවි කර ලබාගත් අති විශාල ලාබයෙන් රටේ නම්බුකාරයන්, වතු හිමියන් සහ නරුම මිනිසුන් බවට පත්වූ ආකාරය යි. එමෙන් ම එහි දී කතුවරයා ඇතැම් ඉතිහාසගත කරුණු ඔස්සේ මෙරට ආගමික නායකකාරාදීන් ගේ ක්‍රියාකාරකම් දැඩි ලෙස විවේචනයට බඳුන් කරයි. එහි වැදගත් ම ස්ථානයක් වන්නේ සුප්‍රකට පානදුරා වාදය පැවැත්වීම සඳහා ක්‍රිස්තියානි ආගමිකයන් සහ අරක්කු රේන්දකරුවන්ගේ මූල්‍ය අනුග්‍රහය ලබාගැනීම සම්බන්ධයෙන් සඳහන් අවස්ථාව යි. සැබැවින් ම මෙම විවේචනය ඊනියා බෞද්ධයන්ගේ සිරුර කිලිපොළා යාමක් බව නොරහසකි. අපේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ ද මෙම ව්‍යසනයට ගොදුරු වී ඇති බව උන්වහන්සේ ගේ අදහස් දැක්වීමේ දි පැහැදිලි විය. නමුත් උන්වහන්සේ තම සිරුරේ කිලිපොළා යාම වළක්වාලනු වස් අවස්ථාවාදි වාසිසහගත කරුණු ඉදිරිපත් කරමින් පානදුරා වාදයට ක්‍රිස්තියානි ආගමික අරක්කු රේන්දකරුවන් ගේ අනුග්‍රහය ලබා ගැනීම සාධාරණීයකරණය කළහ; ඒ සඳහා දැවැන්ත ඉතිහාසගත සාක්ෂි තොගයක් ද ඉදිරිපත් කළහ.

බුදුන් වහන්සේ ධරමාන යුගයේ දී බෞද්ධාගමේ උන්නතිය සඳහා ඇප උපකාර කිසිවකු අතර: සොරු, මංකොල්ලකරුවන්, ස්ත්‍රි දූෂකයන්, මත් ද්‍රව්‍ය නිෂ්පාදකයන් හෝ මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් සිටි බවක් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වී නොමැත.......... වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බුද්ධශ්‍රාවකයෝ සැදැහැවත් බෞද්ධයෝ වූහ. පසුකලක දී පවුකාරයෝ තමන් සිදු කරන සියලු පවු සෝදා ගැනීම සඳහා පන්සල්, පල්ලි, කොවිල් යනාදී පූජනීය ස්ථානයන් මතු නොව පාසල්, මං මාවත්, වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ අනාත නිවාස යනාදී ආයතන ද ස්ථාපිත කරන්නට යෙදුණාහ.

බෞද්ධ මතු නොව අනෙක් සියලු ආගමික නායකකාරාදින් ද ඉහත කී පිරිසගේ ආධාර අනුග්‍රහය ලබාගත්තේ කිසිඳු හිරිකිතයකින් තොරව ය. මහාචාර්ය ස්වාමීන් වහන්සේ ද උන්වහන්සේ ගේ කරුණු දැක්වීම හරහා ප්‍රදර්ශනය කළේ බල්ලො මරපු සල්ලිවලින් හෝ ආගමික කටයුතු සඳහා පරිත්‍යාග කරන්නේ නම්, සමාජ සුභසාධනයේ යෙදෙන්නේ නම් කම් නැත යන්න ය. සැබැවින් ම මෙය උග්‍ර අවස්ථාවාදී, අදාළ පාර්ශවයන්ට වාසි සහගත ක්‍රියාදාමයකි. උන්වහන්සේගේ ප්‍රකාශයට අනුව වර්තමානයේ වුව ද කුඩුකාරයෝ, එතනෝල්කාරයෝ, ස්ත්‍රි දූෂකයෝ, මහජන දේපළ කොල්ලකරුවෝ එකී කූට ව්‍යාපාරවලින් උපයාගත් මුදලින් ආගමික හෝ සමාජ සුභසාධන කටයුතුවල නියැළෙන්නේ නම් එකී සුභසාධන කටයුතු භාරගැනීම නොසුදුසු නොවන්නේ ය.

ගෞරවණිය ස්වාමීන් වහන්ස, ඔබවහන්සේගේ මෙම ප්‍රතිපත්තිය බුදුන් වහන්සේ දෙසා වදාළ ශ්‍රි සද්ධර්මයට කෙතරම් ගැළපෙන්නේ ද? කෙතරම් සාධාරණයක් වන්නේ ද? උන්වහන්සේ ගේ දර්ශනය සමග කෙතරම් දුරට පෑහෙන්නේ ද?

නවකතාකරුවා ප්‍රශ්න කරන්නේ ද මෙය යි. එහෙත් එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට, එකී අවස්ථාවාදී ක්‍රියාදාම හෙළා දකිනවා වෙනුවට ඔබවහන්සේ සිය දේශනයෙන් වැඩි කොටසක් යොමු කළේ එකී කාර්යයන් සාධාරණිකරණය කිරීම සඳහා ය. විශාඛා විද්‍යාලයට අරක්කු රැගෙන නොගිය බවත්, පින්වත්ත පන්සලට අරක්කු රැගෙන නොගිය බවත් ඔබ වහන්සේ මහත් උජාරුවෙන් වදාරන්නේ එහෙයිනි.

අන්දිරිස් යනු බෞද්ධ සංකල්පයට, දර්ශනයට පටහැනි කර්මාන්ත හිමියෙකි, මැරයෙකි, මිනී මරුවෙකි. ඔහුගේ අත් අතිශයින් අපිරිසිදු ය. එහෙත් ඔහු සිය අපිරිසිදු දෑතින් පරිත්‍යාග කරන ඒ අපිරිසිදු මුදල් පසුම්බිය අපිරිසිදු නැත. එය දෝතින් ම පිළිගන්නට බුද්ධ පුත්‍රයානන් වහන්සේලා සැදී පැහැදී සිටිති. එම මුදලින් වෙහෙර විහාර දාගැබ් තනවා ඒවාට අසරණ බෞද්ධ ජනතාව ලාවා වන්නදනාමාන කරවති. එවිට ඔවුන් වන්දනාමාන කරන්නේ අපිරිසිදු ලේ තැවරුණු දෑත්වලින් සරි කරගත් මුදල්වලින් තැනූ වෙහෙර විහාර දාගැබ් ආදියට නොවන්නේ ද? එය බෞද්ධ සංකල්පවලට කෙතරම් දුරට ගැළපේ ද?

ඇතැම් විට මේ මිනිමරුවාගේ අතින් තම ස්වාමියා, පුත්‍රයා ඝාතනය වූ දෙමාපියෝ, අඹුවෝ සිටින්නට නොහැකි ද? තම සොයුරා පැහැර ගැනීමට ලක් වූ සොහොයුරෙක් සොහොයුරියක් නොසිටින්ට හැකි ද? එකී ස්ත්‍රී දූෂකයා විසින් දූෂණයට ලක්කරන ලද දියණියකගේ, මව පියා සොයුරියක ගේ සොහොයුරකු සොහොයුරියක නොසිටින්ට හැකි ද? එවිට ඒ වින්දිතයන් දණ නමස්කාර කරන්නේ තම පිඩකයාගේ අපිරිසිදු ධනයෙන් ගොඩනැගූ වෙහෙර විහාර, දාගැබ්වලට නොවන්නේ ද?

ගෞරවණිය ස්වාමීන් වහන්ස, මෙය බුදුන් වහන්සේට මතු නොව සැබෑ, සැදැහැවත් බෞද්ධ ආගමිකයන්ට කරන නිගරුවක් නොවන්නේ ද? ඔබ වහන්සේ ම දේශනා කළ වාසි රවුම මෙය නොවන්නේ ද? අන් අයට වාසි රවුම පිළිබඳ දේශනා කර වදාළ ඔබවහන්සේ ද කළේ එසේ වාසි ස්ථානයේ පමණක් රවුමක් සලකුණු කිරීම නොවන්නේ ද?

ගෞරවණීය ස්වාමීන් වහන්ස, අපි සත්‍යයට මුහුණ දෙමු, අසත්‍යය පිටු දකිමු. එසේ නොවුණ හොත් වර්තමානයේ මත්කුඩු ජාවාරම්කරුවන්, සුදු පොළ හිමිකරුවන් නිසැක සර්වඥ ධාතු ප්‍රදර්ශනය කිරීම තව දුරටත් සිදු වනු නියත ය. ඒ මත්කුඩු වෙළෙන්දන්ගේ, සුදු පොළ හිමිකරුවන්ගේ දූෂිත මුදල්වලින් ජනතාව මුළාවට පත්කරනු නියත ය. මෙවන් දූෂිතයන්, මිනිමරුවන්, මංකොල්කරුවන්, එතනෝල්කරුවන්, මත් කුඩු වෙළෙන්දන් කරන පරිත්‍යාග ප්‍රතික්ෂේප කරන්නට තරම් සවි ශක්තිය ඇති කශේරුකාවක් බුද්ධ පුත්‍රයානන් වහන්සේලාට තිබිය යුතු ය. එසේ නොවන්නේ නම් බුද්ධ පුත්‍රයානන් වහන්සේලා ද කරන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රි සද්දර්ශනය ගණිකා වෘත්තියේ යෙදවීම ය. ඔබවහන්සේලාගේ යුතුකම සහ වගකීම වන්නේ මෙකී දූෂිතයන්ගේ අපිරිසිදු මුදල් බාරගැනීම නොව ඔවුන් සමාජයෙන් පිටමං කර හැරීම ය. එහෙත් සිදුවන්නේ එය නොවන විට අනාගතයේ බුද්ධ ශාසනය අවභාවිතාවට ලක්වන බව සක් සුදක් සේ පැහැදිලි ය.

ඉඳින් අපි මත් ද්‍රව, මත්කුඩු, මත් පෙති පිටු දකිනවා මෙන්න ම ඒ වෙළෙන්දන්ගේ මුදල් ද ප්‍රතික්ෂේප කළ යුතු ය. මිනීමරුවන්, ස්ත්‍රී දූෂිතයන්, මංකොල්ලකරුවන්, මහජන දේපළ සොරාකන්නන් පිටුදකිනවා සේ ම ඔවුන්ගේ ධන පරිත්‍යාග ද ප්‍රතික්ෂේප කළ යුතු ය. එසේ නොවන්නේ නම් ඔබවහන්සේ ඇතුළු එවන් පරිත්‍යාග භාර ගන්නෝ ද අයත් වන්නේ ඔබවහන්සේ විසින් ම දෙසා වදාළ ‘‘වාසි රවුමට’’ ම ය.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

{soundcloud}https://soundcloud.com/lankadaily/darmaratana-himi-victoria{/soundcloud}

Last modified on Friday, 12 June 2015 10:46

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us