පවිත්‍රා සහ සුදර්ශනී අතර කොවිඩ් තරගයක්ද?

Published in Gossip
Wednesday, 16 December 2020 16:07

රට තුල කොවිඩ් 19 තත්වය මර්දනය කිරීම වෙනුවෙන් පසුගියදා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ විසින් ඒ වෙනුවෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමත්‍ය ධුරයක් පිහි‍ටුවනු ලැබු අතර එහි අමාත්‍ය වගකීම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත පවරනු ලැබිය.

ඒ අනුව කොවිඩ් මර්දන වගකීමෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි නිදහස් කෙරිණි.
එහෙත් මේ අතර හදිස්සියේම අද විශාල පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබෙනවා.
කොවිඞ් මර්දන කාර්ය සාධක ක්‍රියාකාරි සමාලෝචන කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වු අවස්ථාවේදී දැනට පවතින තත්ත්වය අනුව, සෑම දිනක් තුලම, නව ආසාදිතයින් 500 ත් 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බැවින්, එම ආසාදිතයින් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීම පිළිබඳව හදිසි අවශ්‍යතාවයන් හුවා දක්වමින් මේම තීන්දුව දැනුම් දී තිබේ. මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කිරීමට සහ අමතර ප්‍රතිපාදන ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකු අරමුදල් වලින් ලබා ගැනීම පිලිබඳවත් සාකච්ඡා වී තිබෙන බව වාර්තා වෙනවා. මේම තත්වය මත රාජ්‍ය අමාත්‍යවරියට සිදුවන්නේ කොවිඩ් මර්දනය කෙසේ වෙතත් වෙන දෙයක් බලා සිටින්නටය.

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us