පළාත් සභා ඕනෑමයි..මන්ත්‍රීකම් නැතුව ජීවත්වෙන්න බෑ.. - විජිත හේරත්

Published in Gossip
Thursday, 17 December 2020 14:06

ජනතා විමුක්ති පෙරමුණ කවදත් පළාත් සභා ක්‍රමයට එරෙහිව කතා කළේය. සටන් කළේය. මිනී මැරුවේය. ඔවුන් 1987 දී පළා බබා එපා කියමින් ආරම්භ කළ කැරළි කොලහල 60,000 ක ජීවිත නිස්කාරණේ විනාශ කිරීමටද හේතු විය.

එහෙත් ඒ ගැන කිසි වගක් නැතිව නැවත පැමිණ ජවිපෙ පළාත්සභා මැතිවරණයට ඉදිරිපත් විය මන්ත්‍රීකම් දිනා ගත්තේ. මන්ත්‍රී වැ‍ටුප් වරප්‍රසාද හා එම බලයද දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කළේය. (වැටුප් වරප්‍රසාද ගන්නේ නැතැයි කීම පට්ටපල් බොරුවකි) දේශපාලනයේදී විලි ලැජ්ජ්ජා නැතිකම කුමක් වූවත් තමන් මුලින් දැරූ ප්‍රතිපත්තින් වෙනුවෙන් ජීවිත පූජා කළ 60,000 ක් දෙනාගේ ජීවිත ගැන කිසිදු තැකීමක් නොකර ඊට හිමි වටිනාකම් බල්ලට දමා ජවිපෙ වර්ථමාන නායකයන් කටයුතු කිරීම නම් තුට්‍ටු දෙකේ හිරිකිත වැඩකි. ඊටත් වඩා පිලිකුල් සහගත කාරණය වන්නේ පළාත් සභා මන්ත්‍රී වරප්‍රසාද බුක්ති විඳින ගමන් පළාත් සභා ක්‍රමයෙන් වැඩක් නැතැයි කියමින් ඒ අහෝසි කළ යුතු බව දෙඩවීමය. මේ පිස්සු මළ විකාර දේශපාලනය කවුරු කොහොම තේරුම් ගන්නවාදවත් හිතා ගත නොහැක. මැතිවරණ දේශපාලනය තුලදී සියයට 3 ට වැටීමට මේවාත් හේතුවන්නට ඇතිය. මේ සියයට 3ත් කොහොම මනුස්සයෝද කියා තේරෙන්නේ නැත.

ඒ කොහොම වුණත් පසුගිය 15 වෙනිදා හැටන් හී පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් පළාත් සභා මැතිවරණය වහා පැවැත්විය යුතු බවට සිංහ නාද කර තිබේ. කල් තැබූ පළාත් සභා මැතිවරණය එම ඡන්ද ක්‍රමය වෙනස් නොකර කල් ගත නොකර පවත්වන්නැයි ඔහු ආණ්ඩුවට බල කරයි. ඒ අස්සෙත් පළාත් සභා ක්‍රමය රටේ ජාතික ප්‍රශ්න විසඳන්න හෝ පළාත් සංවර්ධනයට හේතු වුණේ නැති බවත් කියයි.

අපට තිබෙන ප්‍රශ්නය රටට වැඩකට නැතැයි කියන සුදු අලියකු යැයි කියන පළාත් සභා පවත්වන්නැයි ජවිපෙ මෙච්චර කෑ මොර දෙන්නෙ මොකටද කියන එක ගැනය. දැන් පළාත් සභා නැතිව වසර කිහිපයක් රටේ කටයුතු සිදුව ද තිබේ. ඒ පළාත් සභා නැතැයි කියා වෙච්ච අඩුපාඩුවක් ගැනද අහන්නට ද නැත. හරි හමන් දේශපාලන ප්‍රතිපත්තියක සිටියා නම් ජවිපෙ මේ මොහොතේ පෙනී සිටිය යුත්තේ පළාත් සභා අහෝසි කළ යුතුය කියන ප්‍රතිපත්තියෙහි නොවේද? එහෙම නෙවෙයි නම් තමන්ගේ පැරණි තීන්දුව වැරදි බවත් පළාත් සභා රටට අවශ්‍ය බවත් කෙළින් කිව යුතුය. එහෙත් එහෙම කියන්නෙද නැත. මේ මොන තක්කඩි දේශපාලනයක්ද? කන්න ගියම කබරගොයාත් තලගොයා කර ගන්නා අවස්ථාවාදී නින්දිත බාවිතාවක ජවිපෙ නියැලී සිටින බව මිසක් වෙන මොකවත් මින් හැ‍ඟෙන්නෙ නැත.

අද ජවිපෙ කියන්නේ නිර්ධන පංතික හෝ සමාජවාදී හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ පක්ෂයක් නොවේ. මන්ත්‍රී වරප්‍රසාද , ඩීල්, කප්පන්, ආදී මුල්‍යමය වාසි ප්‍රයෝජන වෙනුවෙන් ගජ මිතුරන් කිහිප දෙනෙකු විසින් අටවාගෙන යන දූෂිත ව්‍යාපාරයකි. මෙහි නායකයෝ බැංකු ගිණුමේ රු බිලියන 8ක් වෙනකම් ගොඩ ගහගෙන ව්‍යාපාරත් කරගෙන දේපොළත් රැස් කරගෙන සැපට සනීපෙට ඉහළ ජීවන තත්වයන් ගත කරන පිරිසක් බව පහුගිය කාලයේ හෙළිදරව් වූ තොරතුරු අනුවත් පැහැදිලිය. මේ අයට පළාත් සභාවල මන්ත්‍රීධූර කිහිපයක් හෝ දිනා ගැනීමට වුවමනා වන්නේ ඔවුන්ගේ සුපිරි ජීවිත නඩත්තු කිරීම වෙනුවෙන් මිස වෙන කිසිවකට නොවේ. පළාත්පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීකම් අරගෙන රටවැසියා වෙනුවෙන් අරක කළාය මේක කළාය කියා කියන්න පෙන්වන්නවත් දේවල් නැති එකේ නැවතත් කියන්නේ මේ මන්ත්‍රීකම් කියන ඒවා මොවුන්ගේ බඩගෝස්කරය වෙනුවෙන්ම පමණක් බවය.

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us