පාප්වහන්සේ අකරතැබ්බයක

Published in අනං මනං
Wednesday, 25 March 2015 15:58

ඉතාලියේ නේපල්ස්හි ස්කැමියා ප‍්‍රදේශයේ සංචාරයක නියැලූණු පාප්තුමන්ට සතුට ඉහවහා ගිය කන්‍යා සොයුරියන් පිරිසකට මැදි වීමෙන් දැඩි අපහසුතාවකට ලක් වීමට සිදුවී තිබේ.

එතුමාව වටකරගත් කන්‍යා සොයුරියන් ඔහුව ස්පර්ශ කරමින් දෑත සිඹිමින් වැළඳගනිමින් සහ තෑගි පිරිනැමීමට උත්සහ ගැනීම නිසා මහත් කලබලයක් සිදුව ඇත.

පාප්තුමා මැදිකරගත් කන්‍යා සොහොයුරියන් එතැනින් ඉවත් කිරීමට පාප්තුමාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවී ඇතිබව වාර්තා වේ.

නේපල්ස් යනු අපරාධ පමණක් නොව, දිළිඳුබව ද ඉහවහා ගිය පළාතක් ලෙස සැළකේ. මෙම සංචාරයේදී පාප්තුමන්ගේ ආරක්ෂාවට 3,000 කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us