කුරුමිනියෙකු කෑමට දෙන ජපන් තරඟය(video)

Published in අනං මනං
Friday, 15 May 2015 16:43

ලෝකයේ විවිධාකාරයේ විනෝදජනක ක්‍රීඩා පැවැත්වෙනවා. ජපානයේ විනෝදය වගේම පරාජිතයාට අප්‍රසන්න අත්දැකීමක් උරුමකර දෙන වැඩසටහනක් ගැනයි මේ කතාව.

එම වැඩසටහන AKBingo නමින් නම් කර ඇති අතර එම තරඟයෙන් පරාජය වන පුද්ගලයාට මැරුණු සිකේඩා නැමැති කෘමි සතෙකුව ආහාරයට ගැනීමට සිදුවෙනවා. මෙම රූපවාහිනී වැඩසටහන AKB48 යන ජපන් කාන්තා පොප් සංගීත කණ්ඩායම විසින් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහනට සහභාගී වන්නේ කාන්තාවන් පමණක් වන අතර එහිදී ඔවුන්ට ඩොජ්බෝල් නැමැති ක්‍රීඩාවේ නිරත වීමට සිදුවෙනවා.

එම ක්‍රීඩාවෙන් පරාජය වන්නන් දෙදෙනා බැගින් ගෙන නළයක් තුළට මැරුණු සිකේඩා කෘමියෙකු දමා පිඹීමට ලබාදෙනවා. එවිට එම කෘමියා එක් තරුණියකගේ කටට යැවෙන අතර ඇයට තරඟයේ ස්වරූපය අනුව එම කෘමියාව කෑමට සිදුවෙනවා.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us