මල් කඩන්න ඔන්න පාර

Published in අනං මනං
Monday, 15 June 2015 13:04

phone එකක් අතට ගත්තම සමහරුන්ට කිසිම දෙයක් මතක නෑ. ඕක ඔබන එකමයි රාජකාරිය. ලෝකේ පෙරළුනත් ගානක් නෑ.

මේකට විසඳුමක් ඉදිරිපත් කරලා තියෙන්නෙ බෙල්ජියමෙන්. බෙල්ජියමෙ ජංගම දුරකථන වලින් massege කරන්නන් සඳහා වෙනම මංතීරුවක් වෙන්  කර තිබෙනවා.

ඒකට හේතුව වෙලා තියෙන්නෙ මෙවැනි පුදගලයන් පදිකයන්ගේ ඇඟේ වැදීම වැලැක්වීමයි. වාර්තාවෙන විදිහට විශාල ජංගම දුරකථන ප්‍රමාණයකට හැනිවෙනවා මේ විදිහට ඇඟේ හැපීම නිසා.

ඒවගේම දුරකථනයට පමණක් අවධානය යොමුකරගෙන මාර්ගයේ ගමන් කිරීම  නිසා අනතුරු සිදුවීමට ඇති ඉඩකඩත් වැඩි බව පැවසෙනවා.

මීට පෙර චීනයේත් මේ ආකාරයේම ජංගම දුරකථන පාවිච්චි කරන්නන් සඳහා වෙනම මංතීරුවක් නිර්මාණය කරනු ලැබුවා.

මේ සියලු කරණාවලට හේතුව ජංගම දුරකථන භාවිතය ඉහළ යාමයි. ඇමරිකානු ජන සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනුව දැනට ලෝකයේ මිනිසුන් බිලියන 7.2ක් පමණ ජීවත්වෙනවා. නමුත් ලෝකයේ දැනට ජංගම දුරකථන බිලියන 7.5ක් ඇති බව අනාවරණය වී තිබෙනවා.

text-walking-path3

text-walking-path2

text walking path2

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us