අයින්ස්ටයින්ට ඉහළ ලංසුවක්

Published in අනං මනං
Tuesday, 16 June 2015 13:32

ඇල්බර්ට් අයින්ස්ටයින් ලෝකයට සාපේක්ෂතාවාදය හඳුන්වා දුන් බව  අපි හැමෝම දන්නවා. ඒවගේම ඔහු 20 වන සියවසේ ලෝකයේ ජීවත් වූ  සුපිරි බුද්ධිමතෙක් වගේම සුප්‍රසිද්ධම විද්‍යාඥයාද වෙනවා.

 මේ සුපිරි බුද්ධිමතා කාමමිත්‍යාචාරය, පරමාණු බෝම්බ සහ දෙවියො ගැන කොයි විදිහට හිතන්න ඇතිද?

පසුගියදා වෙන්දේසියකදී මේ මාතෘකා පිළිබඳ අයින්ස්ටයින් දරන අදහස් ඇතුලත් ලිපි පෙළක් සඳහා ඩොලර් 420,000 ක පමණ ලංසුවක් තැබුණා. මෙම ලිපි පෙළට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය සහ පරමාණු බෝම්බය අතර සම්බන්ධය විස්තර කෙරෙන ලිපියකුත් ඇතුළත් වුණා.

අයින්ස්ටයින් ඒ ලිපිය තමන්ගෙ පුතා වන හෑන්ස්ට යවා ඇත්තේ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි වලට පරමාණු බෝම්බ හෙළීමෙන් මාසයක් ගත වූ පසුයි. මේ ලිපිය පමණක් වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් 62,500ට අලෙවි වූ බව දැක්වෙනවා.

1939දී එවක ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්ට පරමාණු බෝම්බ නිර්මාණය කිරීම සඳහා අයින්ස්ටයින් සහාය වෙනවා. නමුත් පසුව එම පියවර සම්බන්ධයෙන් තමන් පසුතැවිලි වන බව අයින්ස්ටයින් ප්‍රකාශ කර තිබුණා.

තම පුත්‍රයාට යැවූ මේ ලිපියෙත් සඳහන් වන්නේ පරමාණු බෝම්බ නිර්මාණය කිරීමට අයින්ස්ටයින් ඍජු දායකත්වයක් නොදැක් වූ බවයි.

පසුගිය සතියේ පැවති වෙන්දේසියේදී අලෙවි වූ බොහෝ ලිපි ජර්මන් භාෂාවෙන් ලියන ලද ඒවායි.

එසේම මෙම ලිපිවල අයින්ස්ටයින් තමන්ව අදේව වාදියෙකු ලෙස හඳුන්වා ඇති බව සඳහන් වෙනවා.

Einstein-letter

 

ld add copy

Latest News

අද තද වැසි

අද තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිග...

Connet With Us