ටයිටැනික් සංගීතඥයා අනතුරකින් මරුට

Published in අනං මනං
Tuesday, 23 June 2015 13:09

ලොව ප්‍රකට  සංගීතඥයෙක් ලෙස සැළකෙන  ජේම්ස් හොනර් ගුවන් අනතුරකින් මියගොස් තිබේ.

ලොව පුරා  ඉමහත් ප්‍රසිද්ධියට පත් ටයිටැනික්  චිත්‍රපටයේ "My Heart Will Go On" ගීතය සඳහා සංගීතය රචනා කරන ලද්දේ ඔහුයි.

ටයිටැනික්  චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් ඔහුට ඔස්කාර් සම්මාන දෙකක් හිමිවිය.  

61 වැනි වියේ පසු වූ ජේම්ස් මියගොස් ඇත්තේ පසුගිය සඳුදා  කැලිෆෝනියාවේදී ඔහුගේ පෞද්ගලික ගුවන් යානය අනතුරට පත්වීමෙනි.

ටයිටැනික් චිත්‍රපටයට අමතරව Avatar,Beautiful Mind, Braveheart, Troy, Apollo 13 වැනි චිත්‍රපට ගණනාවකට ඔහු සංගීතය සපයා ඇත. එසේම ඔහු ජාත්‍යන්තර සම්මාන රැසකට හිමිකම් කියයි.

 

Last modified on Tuesday, 23 June 2015 13:23

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us