පාට වෙනස් උනොත් ලෙඩේ

Published in අනං මනං
Thursday, 25 June 2015 12:23

ලිංගාශ්‍රිතව බෝවෙන රෝග වැළක්වීම සම්බන්ධයෙන් මුළු ලෝකයම අවධානය යොමුව තිබෙනවා. මේ සඳහා නිසි ලිංගික අධ්‍යාපනයක් වගේම ලිංගිකව එක්වීමේදී  සෞඛ්‍යාරක්ෂිත  ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත් වැදගත් වෙනවා.

ලිංගාශ්‍රිතව බෝවෙන රෝග වැලැක්වීමට  පිළිගත් ක්‍රමයක් ලෙස සැළකෙන්නේ කොන්ඩම් බාවිත කිරීමයි. කොන්ඩම් සම්බන්ධයෙන්  නවතම සංකල්පයක් හඳුන්වා දීමට පාසල් ළමුන් පිරිසක් සමත් වී සිටිනවා.

ඔවුන්ගේ නවතම සොයාගැනීම අනුව  අසාදිත වෛරසයට අනුව පාට වෙනස් වෙන කොන්ඩම් වර්ගයක් නිපදවා තිබෙනවා.

මුඅස්‌ නවාස්, ඩාන්යාල් අලී, චිරාග් සහා වයස අවුරුදු 14 ක සහ 13ක් වන Isaac Newton Academy නම් පාසලේ  තවමත් අධ්‍යාපනය ලබමින් සිටින ළමුන් තිදෙනක්. ඔවුන් විසින් නිර්මාණය කර ඇති කොන්ඩම් වර්ගය වෛරසයට අදාළව  විවිධ පැහැයන් ගන්නා බව පැවසෙනවා.

මේ විශේෂිත කොන්ඩම් වර්ගය ඔවුන් නම් කර තිබෙන්නේ S.T.EYE. නමින්.  

විශේෂයෙන්ම ලෝකයේ බහුලව පවතින chlamydia, හර්ප්ස්, සිපිලිස් වැනි  ලිංගාශ්‍රිත රෝග හඳුනා ගැනීමට උපකාරී වන ලෙස ඔවුන් මෙය නිපදවා තිබේ.

පාසල් ළමුන් තිදෙනාගේ  මේ විශේෂිත සොයාගැනීම වෙනුවෙන් ඔවුන්ට TeenTech සම්මනය හිමිව තිබෙනවා.

condom2

condom3

 

ld add copy

Latest News

අද තද වැසි

අද තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිග...

Connet With Us