ගුවන් නියමුවන් දෙදෙනකු ගස් යැවූ selfie ඡායාරූපය

Published in අනං මනං
Monday, 29 June 2015 15:29

පසුගියදාක ආර්ජන්ටියානු ගුවන් යානා සමාගමක නියමුවන් දෙදෙනෙක් සේවයෙන් පහකරනු ලැබුවා. මේ සඳහා බලපාපු හේතුව උනේ එරට නිරූපිකාවට නියමු කුටියට ඇතුළුවීමට අවසර ලබාදීම සහ ඇය සමඟ ඡායාරූපයකට පෙනී සිටීමයි.

වික්ටෝරියා නම් වෙන මෙම නිරූපිකාව එම selfie ඡායාරූපය තමන්ගෙ tweet ගිණුම හරහා ප්‍රචාරය කරමින් පවසා ඇත්තේ තමන් නියමු කුටියට ඇතුල් වීමට අවසර ලැබුණ  වගේම යානය පැදවීමටත් සහාය දැක්වූ  බවයි.

ඒවිතරක් නොවෙයි ඇයට ගුවන් ගමන අවසන් නතුරුම එහි රැඳී සිටි බවත් එහි සඳහන් කර තිබෙනවා. කෙසේවෙතත් මෙම  selfie ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ යානය පියාසර කරමින් තිබුණිද යන්න අනාවරණය කර නැත.

ඇමරිකාවේ පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ගුවන් මගීන්ට ගුවන් යානයේ නියමු කුටිය වෙත යාමට අවසර නොලැබේ. ආර්ජන්ටියානු ගුවන් ගමන් නීති රීති අනුවත් එය තහනම් ක්‍රියාවකි.

ගුවන් සමාගමේ ප්‍රධානීන් සඳහන් කරන පරිදි මෙම සිදුවීමට වගකිව යුතු නියමුවන් මෙන්ම ගුවන් යානා සේවක පිරිසද සේවයෙන් පහ කිරීමට නියමිතයි. ඒවගේම මෙම සේවකයනට මෙන්ම අදාළ නිරූපිකාවටද එරෙහිව නඩු පැවරීමට නියමිතයි.

pilot

aragantina pilot

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us