නඩුකාර මිතුරියට උසාවියේදී මුණගැසුණු යහළු හොරා (video)

Published in අනං මනං
Saturday, 04 July 2015 10:51

පාසල් කාලය කියන්නෙ අපි හැමෝගෙම ජීවිත වල සුන්දරම කාල වකවානුව. පාසල් කාලයේ මතක අතරින් හොඳම මතකය වෙන්නෙ යහළුවන් ගැන මතකයයි.

ඒ වගේ යාළුවෙක් කාලෙකින් හමු උනාම ඇත්තටම දැනෙන්නෙ ලොකු සතුටක්. සාමාන්‍යයෙන් සැපදුක අහනවා පරණ මතකයන් අවදි කරනවා. 

ඒත් තමන්ගෙ යාළුවා මොනම හේතුවක් නිසාම හරි සමාජය ඉදිරියේ වැරදි කාරයෙක් නම් අපි එයා අපේ යාළුවෙක් කියන්නත් ටිකක් පැකිලෙනවා. ඒත් එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. 

ඇමරිකාවේ මියාමි උසාවියේ මංකොල්ල කෑමක් පිළිබඳ නඩු විභාගයකදී හරි අපූරු සිදුවීමක් උනා. මේ නඩුව විභාග කරපු නඩුකාරතුමිය වන මින්ඩි ග්ලාසර් සහ සැකකරු ආතර් බූත් පැරණි පාසල් මිතුරන් බව දෙදෙනාම අඳුරගන්නවා.

විත්ති කුඩුවෙ හිටපු ආතර් තමන්ගෙ යාළුවා අඳුරගන්නවා වගේම ඔහු කඳුළු සලනවා. ඒවගේම නඩුකාර තුමියත් තමන්ගෙ යහළුවා පිළිබඳ දුක්වෙන බව පවසනවා.

නමුත් නඩු තීන්දුවෙදිනම් යාළුකම් සළකලා නැ වගේ. නඩුකාරතුමිය තමන්ගෙ යාළුවට ඩොලර් 43000ක ඇපයක් නියම කරනවා.

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us