පසු ගිය දිනවල ප්‍රවාහන අමාත්‍යාංශය සහ විෂය පිළිබඳ ප්‍රවීණයන්ගේ අදහස් ලබාගෙන පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් රථ සේවය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන කංසා (ගංජා) ශාක ඖෂධ සකස් කිරීම සඳහා ආයුර්වේද සංස්ථාවට භාර දීමට හැකි වන ලෙස නීති සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රටපුරා ඉන්ධන, ගෑස් පෝලිම් නිර්මාණය වී තිබේ. උද්ධමනය වැඩි වී භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවූ පසුව මුලින්ම කරන්නේ කුමක්ද යන්න ගැන එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති පැහැදිලි ප්‍රකාශයක් සිදු කර තිබේ. මව්බිම පුවත් පත පළ කර තිබෙන එම ප්‍රවෘත්තිය අනුව ජාජබය සිදු කරන මුල්ම වැඩේ 2019 දී වත්මන් ආණ්ඩුව පිහි‍ටු වන අවස්ථාව වන විට පැවැති මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.5 ට සිදු වූයේ කුමක්ද යනන් සෙවීමය.

සහල් හිගයක් පිළිබඳ රාවයක් මේ දිනවල පැතිරේ. ඒ අනුව ඇතැම් මුළුතැන්ගෙවල් සහල් ගබඩාවක ස්වරූපය ගෙන ඇත.

අප හුරු වී සිටි ක්‍රමවේදයෙන් බැහැර වීමට සිදු වේ යැයි අපි කිසි දිනෙකවත් නොසිතුවෙමු.

ලෝකයේ ප්‍රධාන ආහාරමය භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ සාගින්නෙන් පෙළෙන්නන්ගේ පෝෂණය උදෙසා නොව ආහාර නොවන වෙනත් නිශ්පාදන සඳහා බව ඒ සම්බන්ධයෙන් කළ අධ්‍යනයක් (https://www.nature.com/articles/s43016-022-00504-z) මඟින් අනාවරණය වී තිබේ.

සුරා බදු සම්බන්ධයෙන් කටයුතු කරන ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා රජයට දෛනිකව රුපියල් කෝටි 40ක් ( මිලියන 400 ක්) අහිමි වෙන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාබීන්ගේ සංගමය විසින් පසුගියදා අනාවරණය කර තිබිණි.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us