රට තුළ ඇති වුණු ආර්ථික දේශපාලන අර්බුද වල ප්‍රතිපලයක් ලෙස පැන නැඟුණ 2022 ජන අරගලය විසින් ඉල්ලා සිටි ඉල්ලීම් සියල්ලම පාහේ මේ වන විට සම්පුර්ණ කිරීමට ජනාධිපතිවරයා සමත්ව තිබේ.

පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද දින ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගැනීමට පෙර ජනාධිපති රනිල් එම පක්ෂයේ සහය ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබිණි. එම ඉල්ලීම පිලිනොගෙන පොහොට්‍ටු පක්ෂය තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. මේ අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයකු හෝ ඔවුන්ට හිතවාදියකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනු ඇත.

පසුගිය දවස් වල අපිට සමහර දේශපාලන පක්ෂ වල නායකයන් කියනව ඇහුනා ඒ අය බලයට ආවම අහවලාට දඬුවම් කරනවා, අහවලා ගැන අපේ අය බලා ගනියි, අහවලාව හිරේ දානවා වගේ තර්ජනාත්මක ප්‍රකාශයන්.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක නොකර ජනාධිපතිවරයා අධිකරණ නියෝග නොසලකා හරිමින් අධිකරණ‍යට අපහාස කර ඇති බවට විපක්ෂයත්, හුදු ආණ්ඩු විරෝධී පදනමක සිටිමින් කටයුතු කරන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවනුත් විසින් සත්‍ය තත්වයන් විකෘති කරමින් විශාල ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.

දැන් රට තිබෙන්නේ ජනාධිපතිවරණයක මුව විටය. එම ජනාධිපති වරණයෙන් රනිල්ට විය හැක්කේ කුමක්ද? රනිල් බලයට පත්වු වහාම වාගේ ඔහු රටේ නායකයන් අතර සිටින ස්මාර්ට්ම නායකයා වන බවට මා කළ ප්‍රකාශයක් මහජන කථා බහකට හේතුවී තිබුණි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් ඉදිරිපත් නොවන බවට විපක්ෂය දැවැන්ත ප්‍රචාරක කටයුත්තක නියැලුණු අතර අද දින ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීම සිදුවන තෙක්ම ජනාධිපති රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල තහවුරුවක් ලබා දීම සිදු කර තිබුණේ නැත.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සිය එක්ස් ගිණුමේ සටනක් දමමින් ප්‍රකාශ කර තිබිණි.

නදීරා මඩුගල්ල විසින් රචිත “පාර්ලිමේන්තුවේ බලහත්කාරය – පොලිස් බලය යොදා සභා ගැබෙන් පිටමං කළ මන්ත්‍රීවරු” නමැති කෘතිය එළිදැක්වීම ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

 

ld add copy

Connet With Us