අනුර කුමාර පසුගිය දින වල මැතිවරණ වේදිකා මත දී පවසා සිටියේ 'සෑම දරුවෙකුටම කිලෝ මීටර් 3 ක් ඇතුළත අංග සම්පූර්ණ පාසලක්' ලබා දෙන බවය. අංග සම්පූර්ණ පාසල් ඉදි කළ පමණින් මෙරට අධ්‍යාපනයට අවශ්‍ය සංවර්ධනය සිදු වෙනු ඇතැයි අනුර කල්පනා කරනවා විය හැකි වුණත් එය මීට වඩා පුළුල් වපසරියක තිබෙන සංකීර්ණ ගැටලුවකි.

සජබයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේකෂක අනුර කුමාරත් සිය මැතිවරණ වේදිකා වලදිත් මැතිවරණ ප්‍රකාශන වලදීති ගොවි ජනතාවගේ වගා ණය කපා හරින බවට පොරොන්දු වෙමින් ඒ හරහා දේශපාලන වාසියක් අත් පත් කර ගැනීමේ උත්සාහයක නිරත්ව සිටී. තවද ගොවි ජනතාවට දැරිය හැකි සාධාරණ මිලකට පොහොර හා කෘෂි උපකරණ ලබාදෙන බවත් පවසයි.

ජවිපෙ සමඟ රටට අනාගතයක් නැති බව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපි දනිමු. ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කොට තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොව ඇස්බැන්දුම් ප්‍රකාශයකි. වර්තමාන ජවිපෙ නායකයින්ගේ අදුරදර්ශී සහ අමනෝඥ ආකල්ප මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය හමුවේ දැනටමත් විද්‍යාමාන වී තිබේ. ජවිපය මෙම ලියවිල්ල පවතින ක්‍රමවේදයේ වෙනසක් සදහා ඉදිරිපත් කළත් ඒ ක්‍රමයේ වෙනස සදහා කිසිදු පිලිතුරක් ඔවුනට නැත. දර්ශනයක් නැත.

සජිත් ප්‍රේමදාසත් මහතාත් අනුර කුමාර මහතාත් මැතිවරණ වේදිකාවක් වේදිකාවක් පාසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම වෙනස් කර ජනතාවට සහන ලබා දෙන සුබ සාධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දෙමින් තිබේ.

මහා ඝෝෂාවක් කරමින් එළි දැක්වූ අනුර කුමාරගේ ප්‍රතිපත්ති සහිත ප්‍රකාශනය මුළුමනින්ම පුස්සක් බව කිසිදු විවාදයකින් තොරව පැවසිය හැකිය. පි‍ටු දෙසිය ගනනක් විශාල කෘතියක් ලෙස මෙම ප්‍රකාශනය සකස් කර තිබෙන අතර තමන් බලයට ආ පසු කරනවා කියන වැඩ සටහන් සිය ගනනක් මෙහි අඩංගුය. මේ වන විට ඒ යෝජනා කරන වැඩ වලින් අඩකටත් වඩා රජය ඉටු කර ඇති බව වෙනම කතාවක් වුවත් අනුර මේ යෝජනා ඉදිරිපත් කරන්නේ ඒ ඉටු කිරීම ගැන විශ්වාසය තහවුරු නොකරමිනි.

මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කරන්න සිදු වුනා. එය දරා ගත නොහැකි මට්ටමක්.

අපේ දේශපාලනයත් හරියට ජිජෙක් කියන, තීන්ත කතාව වාගේය. මහාචාර්යය ස්ලවෝජ් ජිජෙක් මෙහෙම කියනවා; "අභාවයට ගිය ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පැරණි විහිළුවකට අනුව, ජර්මානු සේවකයෙකුට සයිබීරියාවේ රැකියාවක් ලැබෙනවාලු; පනවා තිබු දැඩි වාරණය නිසා සියලුම තැපැල් ලිපි කියවන බව කල්තියා දැන සිටි ඔහු තම මිතුරන්ට මෙසේ කිව්වාලු; 'අපි කේත බාසාවක් භාවිතා කරමු: ඔබට මගෙන් ලැබෙන ලිපියක් සාමාන්‍ය නිල් පැහැති තීන්තයකින් ලියා ඇත්නම්, එය සත්‍යයකි; එහෙත් එය රතු තීන්තවලින් ලියා ඇත්නම් එය අසත්‍යයක්.' මාසයකට පසු, ඔහුගේ මිතුරන්ට නිල් තීන්තෙන් ලියා ඇති පළමු ලිපිය ලැබුනේලු: “මෙහි සෑම දෙයක්ම අපූරුයි: වෙළඳසැල් භාණ්ඩ වලින් පිරී තියෙනවා, ආහාර බහුලයි, මහල් නිවාස විශාල හා නිසි ලෙස රත් කර තිබෙනවා, සිනමාහල් බටහිර චිත්‍රපට පෙන්වනවා, ප්‍රේම සම්බන්ධයකට සූදානම් ලස්සන ගැහැණු ළමයින් බොහෝ දෙනෙක් ඉන්නවා," යැයි එහි ලියා තිබෙනු දැක ඔහුගේ මිතුරන් ආඩම්බර වූයේ එහි අවසාන වාක්‍යය කියවීමටත් පෙරය. එහෙත්, අවසානේ සිය මිතුරා මෙසේ ලියා තිබුණේලු, "මෙහෙත් ලබා ගත නොහැකි එකම දෙය රතු තීන්ත විතරයි."

කතාවක් තියෙනවනේ අන්ධයාට පෙනීම ලැබුණාම හැරමිටියත් සිංහලයාට කන්න ලැබුනාම කන්න දුන්න අතත් අමතක වෙනවා කියළා. ඒ නිසා මේ ටික මතක් කරගමු?

Page 6 of 203

 

ld add copy

Latest News

Connet With Us