ඇල්ල තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නකුට අමානුෂික ලෙස පහර දී තුවාල කර ඡන්ද පත්‍රිකා තොගයක්‌ පැහැරගත් බව කියන ඌව පළාත් සභා ඇමැති සෙන්දිල් තොණ්‌ඩමන් මහතා ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබ සිටින චොකා මල්ලි නොහොත් නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ ප්‍රාදේශීය සභා සභාපති වජිර සිල්වා ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

මෙවර තැපැල් ඡන්දය පැවැත්වීම මීට පෙරාතුව අවස්ථාවන් මෙන් නොව අදියර කිහිපයකින් ක්‍රියාත්මක වූ බවත්, එය ගැටළු සහගත බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ඩී.එම් දිසානායක මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා යළි ලබාදෙන්නැයි ඉල්ලා අරලියගහ මන්දිරය ප්‍රධාන දොරටුව අභියසදී අද (06) පෙරවරු කාලයේ පොල් ගසා, දෙවියන්ට කන්නලව් කිරීමක් සිදුවිය.

ජනවාරි 8 වනදායින් පසු සමාජ පරිවර්තනයක් කර නව තාක්‍ෂණය සමග බද්ධවන තරුණ පරපුරට නව ලෝකයට ගැලපෙන ආර්ථික සංවර්ධනයක් ඇතිකරන බව පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (5) කටුබැද්ද ප්‍රදේශයේ පැවති ජනරැළියකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම ඉදිරියෙන් වෙනත් ඡන්ද ලකුණක් යෙදූ ඡන්ද දැන්වීමකට සමාන ව්‍යාජ පත්‍රිකාවක් උතුරු නැගෙනහිර පළාත් වල මහා පරිමාණ වශයෙන බෙදමින් පවතී. ආරක්ෂක අංශ යොදා ගනිමින් නිල් බලකාය ගෙන යන මෙම මැතිවරණ නීති උල්ලංඝනයට එරෙහිව කිසිදු පියවර ගැනීමක්ද සිදුවී නොමැත.

ලසන්ත, ඔබ මරා දැමුණේ 2009 ජනවාරී 8 වැනිදාය. දේශපාලන බලයක් සහිත අවිවලට කොතරම් ජීවිත උදුරාගත හැකි වුවත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමේ වුවමනාව මාධ්‍යවේදීන් මරාදමා යටපත් කළ නොහැකි බව අවසන් ලෙස පාලකයන්ට උගන්වන්නේ ජනතාව විසිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(06) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගෙන තිබේ.

 

ld add copy

Connet With Us