ත්‍රස්තවාදය පැරදවීම හා විධායක ඒ්කාධිපති බලතල පවත්වාගෙන යාම යනු කක් නොව දෙකක් යැයි අතුරළියේ රතන හිමි, "මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා !" යනුවෙන් ඊයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ විරෝධතා පෙළපාලියෙන් අනතුරුව පැවසුවේය.

අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කරන්නැයි නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆ් සායි පකිස්ථානයේ පාසල් සිසුන්ගෙන් ඉල්ලා අැත.

"මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා !" යනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසින් ඊයේ (18)පාගමනක් සහ විරෝධතා රැලියක් කොළඹ දී පවත්වනු ලැබීය.

පෞද්ගලික අංශයේ සේවකයින්ට දුම්රිය ගමන්වාර ප‍්‍රවේශපත‍්‍රයේ වලංගු කාලය ලබන මාසයේ සිට සංශෝධනයට ලක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර අැත.

මාතලේ රෝහල් භූමියේ තිබි සොයා ගත් මිනිස් අස්ථි කොටස් 1951 වර්ෂයට පෙර ඒවා බවට හඳුනාගෙන තිබේ.

මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

2015 අයවැය යෝජනා තුළ අඩංගු දුෂ්කර හා අර්ධ නාගරික ප්‍රදේශවල සේවය කරන ගුරුවරුන්ට ලබාදීමට යෝජිත යතුරුපැදි ලබා දීම පිළිබදව ගැටළු ගනණාවක් පැන නැගී අැති බව ලංකා ගුරු සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පවත්නා ප්‍රජාත්න්ත්‍ර විරෝධී පාලනය වෙනස් කිරීම සඳහා පොදු විපක්ෂයේ පෙළ ගැස්වීමක් සිදු වෙමින් පැවැතියත් ඒ සඳහා සහය දීමට, සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් එම කණ්ඩායම දරණ ප්‍රතිපත්ති ගැන පැහැදීමක් තිබේ නම් පමණක් බව 'නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

ld add copy

Connet With Us