ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළව අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු අතරමග නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසයි.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාල පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

තරුණයෙකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වී බරපතල වැඩ ඇතිව තෙවසරක සිරදඩුවමක් නියම වී සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

මඳක් ඉදුණු අමු මිරිස් යොදාගෙන අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කර බවට පුවතක් වාර්තාවේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ ටිකට්පත් නිකුත් කිරීම මේ වනවිට නවතා දමා ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පී.එච්.ගුණසිංහ මහතා පවසනවා.

රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් අද දින විරෝධයක් සංවිධානය කර තිබේ.

වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන මින් ඉදිරියට කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතාට උපදෙස් දුන්නේය.

 

ld add copy

Connet With Us