ඌව පළාත් සභාවට තරග වදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්‍ෂකයෝ අද (03) බත්තරමුල්ලේ පිහිටි පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී සිය නාමයෝජනා පත‍්‍රවලට අත්සන් තැබූහ.

 2011 වසරේ සිට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධුරයේ කටයුතු කල මල්ලිකා සමරසේකර මහත්මිය පසු ගිය 28දා  විශ්‍රාම ගැනීම නිසා පුරප්පාඩු වූ එම ධුරයේ වැඩ බැලීම සඳහා ආර්.එම්.ආර්. වසන්ති මන්චනායක මහත්මිය පත්වී තිබේ.

කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසකට මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු බෙදාහැරී බව කියන ප‍්‍රධාන පෙලේ ජාවාරම්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  ඒ, පානදුර වලාන දුෂණ මර්දන ඒකකය කළ විශේෂ වැටලීමකදිය.

එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලනය තරුණ පරම්පරාවට භාරකිරීමේ කාලය එළැඹ ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

පැහැරගැනීමට ලක්ව පොලීසිය සොයාගනු ලැබූ ගල්ගමුවේ දිනිඳු යෂේ්න් දරුවා අද (03දා) ජනපති මන්දිරයට පැමිණියේය.

පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ඌව පළාත් සභාවට තරග කිරීමට සූදානමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලණුවක් කා තිබෙන බවත් ඌව පළාත් සභාවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවත් ඉතිරවන්නේ විපක්ෂ නායකකම පමණක් බවත් වයඹ මහඇමති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

තමිල්නාඩුවේ - තිරුචි නුවර පිහිටි ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කාර්යාලයට ඊයේ (02) සන්ධ්‍යාවේ ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

ගල්ගමුව මීගලෑව ප‍්‍රදේශයේදී පැහැර ගැනුණු දිනිදු යෂේන් දරුවා මුදා ගත් ආකාරය පිළිබඳ කරුණු හෙළිකිරීමට පොලිස් මූලස්ථානයේදී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්විණ.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us