අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සැරසෙන බව වාර්තා වෙයි.
අතුරුගිරිය ටැටූ ආයතනයේදී ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව වෙඩි වැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.
ජනපති රනිල්ගෙන් සහතිකයක් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් ස්තුති කරයි
අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතිකයක් ලබා දී තිබේ.
ලබන වර්ෂයට අදාළ පාසල් පෙළපොත් අද (23) දිනයේ ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවසා තිබේ.
කාලගුණයෙන් රතු නිවේදනයක්. සැලකිල්ලෙන් සිටින ලෙසද ඉල්ලයි
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.
මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කළ වහාම අදාළ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති කියයි
මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසීය.
සේවා කාලය අවසන් කර මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ට වරප්‍රසාදයක්
විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන්කර නැවත මෙරටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා
ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් ආර්ථික අර්බුදයෙන් රට මුදවාගත් අයුරින්ම ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ද තීන්දු තීරණ ගැනීමට සිදු වන බවත්, එහි ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් දැක ගත හැකිවනු ඇති බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පැවසීය.