ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මස 4 වැනිදා ඒ මහතා එම ධුරයට පත්විය.
ධර්ශන හේවාපතිරණ මහතා වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව පත් කළ සභාපති ධුර වලින් ඉවත් වූ සිව්වැනි පුද්ගලයා ද වේ.
ජාතික රූපවාහිනියේ සභාපති, ලංගම සභාපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මීට පෙර ඉවත්ව තිබිණි.
කෙසේ නමුත් ආණ්ඩුව පිහිටුවා ඉතා කෙටි කාලයක් තුළ දේශපාලන පත්වීම් ලැබු පුද්ගලයන් මෙලෙස දිගින් දිගටම ඉවත් වීම ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා විශ්වාසය බරපතල ලෙස බිඳ වැටීමට හේතු වනු ඇත. එමෙන්ම මේ වන විට සමූපකාර ඡන්ද වලින් මාලිමාව පරාජයට පත් වීමේ රැල්ල ද ආණ්ඩුවට සුබ ලකුණක් නොවේ.