ලක්ෂ දහයක් පමණ විදුලි පාරිභෝගිකයන් අදුරේ යැයි ඇතැම් සමාජ මාධ්‍යකරුවන් විසින් සාවද්‍ය තොරතුරු පතුරවමින් සිටින බව පැවති මාධ්‍ය හමුවකට ඒක් වෙමින් විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර පවසා සිටියි.

කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදයට ස්ථිර විසඳුමක් ලෙස ඉදිවන වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය තව මාස තුනකින් විවෘත කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වරලත් ඉංජිනේරු රංජිත් ගංගානාත් රූපසිංහ පවසා තිබේ.

බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙ

තම බැංකු කාඩ්පත්හි මුරපදය සහ බැංකු ගිණුම් දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට ජනතාවගෙන් බහුතරයකට දැනුවත් භාවයක් නොමැති බව මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පිහිටුවනු ලද කමිටුවක් මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව හෙළිවී ඇති බව ලංකා පේ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා පැවසීය.

කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදය හමුවේ වුවද කිසිදු සේවක හෝ වැටුප් කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වීම ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ලද උපදෙස් ඉවහල් වූ බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසා තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පුස්තකාල පරිශ්‍රයේදී සිදු අද (18) කෙරුණි.

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබා නොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙයි.

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ld add copy

Connet With Us