චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග ඉදිරි දින 5 තුළ දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක යුක්ති මෙහෙයුමට සමගාමීව 2024.03.19 දින සිට පාතාල මර්දනය සදහා විශේෂ කණ්ඩායම් 20 ක් පිහිටුවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කටයුතු කර ඇත.

රජයේ පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් වේ නම් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පතිවරු දැනුවත් කර එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් තිබේ.

මේ දක්වා පාසල් පෙළපොත් නොලැබුණු පාසල් වේ නම් 0112784815 හෝ 0112785306 යන දුරකථන අංක වෙතද, නිල ඇදුම් රෙදි නොලැබුණු පාසල් සම්බන්ධයෙන් 0112785573 යන දුරකථන අංකයටද දැනුම් දීමට හැකි බව අමාත්‍යංශය පවසයි.

මේ වනවිට සියලු පාසල් වෙත නිල ඇදුම් රෙදි සහ පාසල් පෙළ පොත් දිවයින පුරා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද (19) දිනයේදී රුපියල් 299.29ක් වශයෙන් සහ විකුණුම් මිල රුපියල් 308.90 වශයෙන් දැක්වුණි.

රුහුණු මහා කතරගම දේවාලයට ජූජා කළ පවුම් 38ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැහැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් දෙදෙනාගේ ‘කපු ධුරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර විසින් පියවර ගෙන තිබෙ.

පාසල් සිසුන්ගේ ලිංගිකත්ව අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවේ බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

 

ld add copy

Connet With Us