ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට BOI වෘත්තීය සමිති සන්ධානයේ විරෝධය

Published in පුවත්
Monday, 20 May 2024 13:11

මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වෘත්තීය සමිති සන්ධානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

 

දැනටමත් ආර්ථික අභියෝග සමඟ පොරබදමින් සිටින ආයෝජන ක්ෂේත්‍රය මෙම පනත් කෙටුම්පත දැඩි ලෙස අස්ථාවර කරනු ඇතැයි සන්ධානය අනතුරු අඟවයි.

වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, මෙම පනත් කෙටුම්පත ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගෙන් හෝ ආයෝජකයන්ගෙන් උපදෙස් නොගෙන වෙනත් කිහිප දෙනෙකු විසින් නිර්මාණය කර ඇති බවයි. එම නිසා මෙමගින් දැනට සිටින ආයෝජකයින් ඉවත් වීම, එම අංශය තවදුරටත් අනතුරේ හෙළීමට හේතු විය හැකි බව පවසයි. ඒ අනුව බලපෑමට ලක් වූ පාර්ශවයන් සහ ආර්ථික විශේෂඥයින් සම්බන්ධ කර ගනිමින් පනත් කෙටුම්පත විනිවිද පෙනෙන සංශෝධනයක් කළ යුතු බවට මෙම සමිති ඉල්ලා සිටී.

පනත් කෙටුම්පතෙහි තීරණාත්මක අංගයක් වන්නේ දැනට ආයෝජන මණ්ඩලයේ පාලනය යටතේ පවතින විදේශීය සහ දේශීය සමාගම්වල මෙහෙයුම්වලට බාධා ඇති කරන 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත වහාම අවලංගු කිරීමයි.

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික හා ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය යන නව ආයතන පහක් නිර්මාණය කිරීමට පනත යෝජනා කරයි. දේශපාලන වුවමණාවන් මත පිරවිය හැකි වෙනම අධ්‍යක්ෂ මණ්ඩල තුනක් සහ ජ්‍යෙෂ්ඨ තනතුරු 25ක් පත් කිරීම ඊට ඇතුළත් බවත් සමිති චෝදනා කරයි.

මෙම පනත සැලකිය යුතු ආර්ථික පරිවර්තනයකට තුඩු දෙනු ඇතැයි රජය ප්‍රකාශ කරන අතර, වෘත්තීය සමිති තර්ක කරන්නේ ඉදිරි මැතිවරණවලට පෙර ආයෝජන මණ්ඩලයේ පාලනය යටතේ ඇති ලාභදායී ආයෝජන කලාප 15ක් පුද්ගලික සහකරුවන්ට පැවරීමෙන් මූල්‍ය වාසි ලබා ගැනීම එහි සැබෑ අරමුණ බවයි.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් BOI ආයතන එකක් කළමනාකරණ ආයෝජන කලාප සහ අනෙක බාහිර ආයෝජන ව්‍යාපෘති හැසිරවීම ලෙස දෙකකට බෙදනු ඇත.

COVID-19 වසංගතය ඇතුළු අර්බුද වලදී ආයෝජන කලාප මෙහෙයුම් පවත්වාගෙන යාමට BOI ප්‍රයෝජනවත් වී ඇති බව සමිති විසින් අවධාරණය කරන අතර ලාභදායී කලාප පුද්ගලීකරණය කිරීම පිටුපස ඇති තර්කනය ප්‍රශ්න කරයි.

එමෙන්ම වෘත්තීය අයිතීන් සුරැකීම සඳහා දැනට BOI කම්කරු දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී සිටින බැවින් පුද්ගලීකරනය ආයෝජකයින්ගේ මෙහෙයුම් පිරිවැය වැඩි කරන අතර සේවක අයිතීන් අනතුරේ හෙළනු ඇතැයි ඔවුහු අනතුරු අඟවති.

තවද, මෙම පනත් කෙටුම්පත මගින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව, අනෙකුත් ආයතන විසින් ප්‍රතික්ෂේප කරන ලද ව්‍යාපෘති සඳහා කැබිනට් පරීක්ෂාව මගහරිමින් අනුමැතිය ලබා දීමේ බලය ආයෝජන අමාත්‍යවරයාට ලබා දී ඇති බවත් මෙය දූෂණයට සහ පාරිසරික හෝ සමාජීය වශයෙන් හානිකර ව්‍යාපෘති සඳහා මංපෙත් විවර කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

වෘත්තීය සමිති තර්ක කරන්නේ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ඇති මූලික බාධාව වන්නේ ආයෝජන මණ්ඩලයේ ව්‍යුහය නොව ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැතිකම බවයි. ඔවුන් පෞද්ගලීකරණයට සහ ප්‍රතිව්‍යුහගත කිරීමට වඩා ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම සඳහා උපාය මාර්ගික වෙනස්කම් ඉල්ලා සිටී.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us