පාස්කු ප්‍රහාරය විමර්ශනයට ක්‍රියා මාර්ග ගෙන ඇති බවට ජාත්‍යන්තරය රැවටීම සඳහා අගමැතිවරයා සහ විදේශ ඇමැතිවරයා ඇතුළු පිරිසක් වතිකානුවට යාමට ගෙන ඇති තීරණය කතෝලික සභාව හෙළා දකින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ඊයේ (08 වැනිදා) පැවැසූහ.

වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන් සඳහා කඩිනමින් කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි . එහි සභාපති ශාන්ත දිසානායක මහතා පැවසුවේ, ඒ සඳහා දිවයින පුරා පාරිභෝගික සේවා නිලධාරීන් යොදවා ඇති බවය.

වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

සයිනොෆාම් එන්නතේ මාත්‍රා 2ම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

පෑලියගොඩ නුගේ පාරේ පිහිටි සීනි තොග ගබඩාවක් වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් එහි තිබූ සීන මෙට්‍රික් ටොන් එක්දහස් තුන්සියයක් සිය භාරයට ගත්තා.

මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් අතුරින් තවත් 1,691 ක් සුවය ලබා තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 389,969ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර පසුව ඔවුන්ට අදාළ විභාග පැවැත්වීමට පියවර ගතයුතු බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ වෙනත් රටවල් ගණනාවක ප්‍රධාන විභාග පැවැත්වීම වෙනුවෙන් සිසුන් එන්නත්කරණයට ලක්කිරීමේ ක්‍රමවේදයන් මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.

"අපි සැලසුම් කරනවා නම් තව මාස 6කින්වත් මේ අවසාන කඩයිම් විභාග ටික තියන්න. මේ වෙලාවේ අපි කරන්න අවශ්‍ය උසස් පෙළ, සමාන්‍ය පෙළ සහ විශ්වවිද්‍යාල අවසන් වසරේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටවත් ෆයිසර් වැනි එන්නතක් ලබාදෙන එක. බොහො රටවල අද වෙනකොට පාසල් සුරක්ෂිත කරගනිමින් අධ්‍යාපනය ලබා දෙනවා. එහෙම නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය ඉතා විදිමත්ව ලබා දෙනවා. අපේ රටේ දෙකම කරන්නේ නෑ හරි විදියට. එක නිසා පාසල් ආරම්භ කරන එක අදටත් විවාදාත්මක මට්ටමක තියෙන්නේ."

කෙසේ වුවද කිසිදු කටයුත්තක් සඳහා පාසල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් තවදුරටත් නිර්මාණය වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

"සුදුසු වාතාවරණයක් තියෙනවා නම් කොළ එළිය පත්තු කරන්න පුළුවන්. අපි දන්නවා මේ මොහොතේ පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නැහැ කියලා. අධ්‍යාපන බලධාරින්ගේ වගකීමක් ඒ සුදුසු වාතාවරණය සකස්කරලා, ඒ වාතාවරණය තිබෙන බවට අපිට පෙන්නුම් කළොත් අපි කොළ එළිය පෙන්නුම් කරන එක ගැටළුවක් නෑ. සෞඛ්‍ය අංශයට ඒ වාතාවරණය සකස් කිරීමට පුළුවන් කමක් නෑ. අපේ පරමාර්ථය වන්නේ රෝගීන් අඩු කිරීම. පාසල් ළමුන් අතර රෝගය පැතිරීම අවම කිරීමටත් පාසල් ළමුන් හරහා නිවෙස්වල සිටින අයට රෝගය පැතිරීම වැළැක්වීමටත් සුදුසු වාතාවරණයක් රටේ ගොඩනගන්න අවශ්‍යයි."

 -දෙරණ

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Connet With Us