මේ වන විට රසායනික පොහොර තහනම් කර තිබූවද , පසුගිය කාළයේ ලංකාවට ආනයනය කර ඉතිරි වී තිබූ යූරියා මෙට්ට්‍රික් ටොන් 5000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් වෙත ලබා දීමට අවශ්‍යය කටයුතු ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා කෘෂිකර්ම අමාත්‍යයතුමන්ගේ මැදිහත්වීමෙන් සිදු වූ බව රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර පිහිටි එතුමාගේ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ජාවකදීය,
2030 දී ශ්රී ලංකාවේ බලාපොරොත්තුව ගැන ජනපති කියයි !
තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය මගින් වසර 2030 වන විට නයිට‍්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප‍්‍රමාණය අඩකින් අඩු කිරීමට ශ‍්‍රී ලංකාව උත්සාහ ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා තිබේ.
සෞභාග්‍යා ගෙවතු වගාවෙන් පවුල් ලක්ෂ දොළහකට ප්රතිලාභ !
වස විසෙන් තොර ආහාර සුරක්ෂිතතාව අරමුණු කර ගෙන දීප ව්‍යාප්ත ගෙවතු වගා සතියක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
කොල්ලුපිටිය නව වෙළඳ පරිශ්‍රයේ වැඩ කඩිනම් කිරීමට අගමැතිගෙන් උපදෙස් !
ආයෝජකයන් දිරිමත් කරමින් මන්ත්‍රීවරුන් හා නිලධාරින් සියලු දෙනා එක්ව කොල්ලුපිටිය නව වෙළඳ පරිශ්‍ර ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයිඅගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
රෙජිස්ටාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න -අගමැති
රෙජිස්ටාර් තනතුර ලබා දීමේ දී අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දුන්නේය.
වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වෙති !
මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකය වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ කීර්තිශේෂභාවෝපගත වූ බව ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
පාස්කු ප්‍රහාර විමර්ශන ගැන රජයට දොස් පවරන්න බැහැ - සරත් වීරසේකර
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රජයට හෝ පොලීසියට එරෙහිව දොස් පැවරීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
"Made in Sri Lanka" සන්නාමය සහිත වාහන කරා පා තැබීම,අපට කළ හැකියි - විමල් වීරවංශ
සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හඳුන්වාදීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවත් ඉන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ අපිට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවන බවත් අප ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට බවත් යයි පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ඇති බවට විශ්වාසය පළ කළේය.